ගර්භණීය කාලයේදී විශේෂ පරිස්සම් වීමක් අවශ්‍යය ද යන්න ගැන අද අපි ඔයාලාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගර්භණීය භාවයට පත් උනාම මොකද මම දැන් කරන්නෙ. මොනවගෙන්ද මම පරිස්සම් වෙන්න ඕනි කියන දේ ගැන. ගර්භණීය භාවය කියන්නෙ සාමාන්‍ය සංසිද්ධියක්. මේක ලෙඩක් නෙවෙයි. ස්වභාව ධර්මය විසින් හදලා තියෙන්නෙ මේ ගර්භණීය භාවය සාමාන්‍ය විදිහට ඉන්න. ගර්භණීය භාවයට පත් උනාම විශේෂ පරිස්සම් වීමක් අවශ්‍යය නෑ.
පරිස්සම් වෙන්න ඕනි කෑම වර්ග තියෙනවා. ගොඩක් අය අහනවා ගර්භණීය උනාම කෝෆි බොන්න පුළුවන්ද කියලා. ඔව් කෝෆි බොන්න පුළුවන්. නමුත් කෝෆි අධික ලෙස පානය කරනවා නම් අධි සාන්ද්‍රණය සහිත කෝෆි බොනවා නම් එය අධික ලෙස බබාගෙ වර්ධනයට බලපාන්න පුළුවන්. නමුත් කෝෆි කෝප්පයක් දෙකක් බිව්වා කියලා කිසිම ගැටළුවක් නෑ.
සාමාන්‍ය පරිදි ගර්භණීය භාවයේදී ඕනෑම කෑමක් ආහාරයට ගන්න පුළුවන්. කෑම වලින් විශේෂයෙන් පරිස්සම් වෙන්න දෙයක් නෑ. සමහරැ කියනවා අන්නාසි , පැපොල් කෑවම ගබ්සාවීමක් වෙනවා කියලා. අන්නාසි, පැපොල් කෑවා කියලා එහෙම ගබ්සාවීමක් සිදු වන්නෙ නෑ. ලෝකෙ කොහේවත් ඒක ඔප්පු කරලා නෑ. සීයක් ගැබ් ගත්තොත් මුල් සති හය හත ඇතුලත විසි දෙනෙක් ගබ්සා වෙනවා. ඒ නිසා තමයි පැරැන්නන් මුල් කාලයේදී පරිස්සම් වෙන්න කියන්නෙ. ඒ අය පවා දන්නවා මුල් කාලයේදී ගබ්සාවීම සුලබ දෙයක් කියලා. ඒ නිසා තමයි වැරදි මත ඇති වෙලා තියෙන්නෙ. අපි කන කෑම වලින් ගබ්සාවීමක් සිදු වන්නෙ නෑ.
ඒ උනාට අධික සැර හෝ අම්ල කෑම වර්ග වලින් වැළකී ඉන්නවා නම් හොදයි. අපේ App එකේ ඊලග update එකේ ගැබිණි මව්වරුන්ට සතියෙන් සතිය කන්න හොද මොනවද කියලා වෙනම කියන්න අපි කියනවා. අපිව follow කරලා තියා ගන්න update එක අපු ගමන් ඔබව දැනුවත් කරන්නම්.
ඒ වගේම තමයි ගමන් කිරීම ගබ්සාවීමට හේතු වෙනව නම් සෑම ගර්භණීය කාන්තාවකටම ගර්භණීය භාවයේදී නිවාඩු ලබා දිය යුතුයි. එහෙත් එහෙම කරන්නෙ නෑ. මොකද විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා ගර්භණීය භාවයට පත් වෙන මුල් කාලයේදී ගමන් කිරීම, යතුරු පැදියේ ගමන් කිරීම, ත්‍රී රෝද රථයක ගමන් කිරීම, කාර් රථයක බසයක ගමන් කිරීමෙන් ගබ්සාවීමක් සිදු වෙනවා කියලා විද්‍යාත්මකව කොහේවත් ඔප්පු කරලා නෑ මුල් සති 12 තුලදී.
සමහර අය දුර වැඩට යන ගර්භණීය කාන්තාවන්ව බියට පත් කරනවා දුර ගමන් කරන්න හොද නෑ කියලා. ( උදා: ගාල්ල ඉදන් කොළඹට එනවා වගේ බොහෝ දුර ගමන් කිරීම ගැන) එය වැරදි මතයක්. විද්‍යාත්මකව පැහැදිලිව ඒක ඔප්පු කරලා තියෙන්නෙ. හැබැයි ගැස්සෙන සුළු ලෙස වාහන වල දුර ගමන් යාම නුසුදුසුයි. එමෙන්ම එම දුර ගමන නිසා ඔබ ඉතාමත් වෙහෙසට පත් වෙනවා නම් වැළකී සිටින්න.
මතක තබා ගන්න ඉහත දක්වපු කරුණු හැම දෙයක්ම 2026 වර්ෂය වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සම්මත කරුණු වලින් කියපු දේවල්. මේවා ඉදිරි කාලයේදී වෙනස් වෙන්න පුළුවන් නව සොයාගැනීම් සහ පර්යේෂණ එක්ක. එම නිසා ඔබ ගැබිණි මවක් නම් පරෙස්සම් වීම ඔබගේ සහ ඔබ පවුලේ අයගේ වගකීමක්.
1. අනවශ්‍ය ලෙස සැර හෝ කෘතීම ආහාර
2. අනතුරු දායක ක්‍රියා
3. මත්පැන්, දුම්වැටි
4. වෙහෙසට පත්වෙන වැඩ
වලින් වැලකී සිටින්න.
ඔබට මෙය වැදගත් උනා කියලා හිතෙනවා නම් ඔබ වගේම අම්මලා තාත්තලා හැමකෙනෙක්ටම මෙම post එක share කරන්න අමතක කරන්න එපා.









