ස්වාභාවික ගබ්සාවීමක් දැනගන්නා ආකාරය සහ එය සිදු වන්නේ කෙසේද??

දරැවෙක් පිළිසිද ගත්කාලයේ සිට ආසන්න වශයෙන් සති 24කට පෙර දරැවාගේ නැතිවීම ස්වාභාවික ගබ්සාවීමක් එස හැදින්වේ. වෛද්‍ය ආධාර ඇතිව නැතිව දරැවට ජීවත් වෙන්න බැරිනම් ගබ්සාවක් කියලා කියනවා. බර 500gට අඩුයි නම් මේ වෙද්දිත් ඒකත් ගබ්සාවීමක් විදිහට තමයි හදුවන්නෙ.

ඉස්සර Ultra Sound නැහැ. එතකොට අභ්‍යන්තර පරීෂණයක් කරලා ගැබ්ගෙල ඇරිලා කෑලී එනව නම් ගබ්සාවීමක් විදිහට හදුන්වනවා. අද කාලයේදී රෝග ලක්ෂණ වලට කලින් ගබ්සාවීමක් දැන ගන්න පුළුවන්. සමහර වේලාවට මව්වරැ පියවරැ මවිතයට පත්වෙනවා වෛද්‍යවරයා ගබ්සාවීමක් කිව්වම. කොහොමද මේක කියන්නෙ කියලා. මේ සංවේදී තත්ත්වයේදී කාන්තාවන්ට හා පුර්ෂයන්ට හරියට කතා කරලා මේ රෝග විනිශ්චය කියලා දුන්නෙ නැත්නම් මේ අයට සැකයකුත් පහල වෙනවා මේ ගබ්සාවීම පිළිබධව.

ගබ්සාවක රෝග විනිශ්චය කිරීම සදහා Ultra Sound Scan අපිට බෙහෙවින් උපකාර වෙනවා. සති 8න් සුළුවශයෙන් හෝ රැධිර වහනයක් වෙනවා කියලා කිව්වොත් අපි Ultra Sound Scan පරීක්ෂණයක් සිදු කරනවා. උදරය හරහා හෝ අභ්‍යන්තර යෝනි මාර්ගය හරහා එය සිදු කිරීමට හැකියාව තියෙනවා.

මුල් කාලයේදී අපිට හොදට පැහැදිලිව බලන්න පුළුවන් අභ්‍යන්තර යෝනි මාර්ගය හරහා කරන TVS පරීෂණයෙන්. පැසය විතරක් තියෙනවා නම් කලලයක් නැතිව යම් ප්‍රමාණයකට වඩා අපිට Scan එකකින් කියන්න පුළුවන් මේක Miscarriage කියලා කියන්න පුළුවන්. කලලයේ දිග ප්‍රමාණයට වඩා තියෙනවා ද හෘද ස්පන්දය දැනෙන්නෙ නැත්නම් ඇහෙන්නෙ නැත්නම් 100%ක් ගබ්සාවීමක් කියලා. ඔසප් වෙලා සති 8කින් කාන්තාවක් එනවා. Ultrasound Scan එක කරලා කලලයේ දිග 1cm හෘද වස්තුව පේන්නෙ නෑ Ultrasound Scan එකට කිව්වම කාන්තාව අඩන්න පටන් ගන්නවා. මට රැධිර වහනයක් නෑ.Scan එකෙන් කොහොමද එහෙම කියන්නෙ කියලා. වැදෑමහ වැඩ කරනවා. ඒත් ඒ රෝග ලක්ෂණ තියෙනවා. නමුත් ඉස්සර කාලෙ සායනයට යනවා සායනට ගිහින් රැධිර වහනයක් වෙනකොට තමයි දැන ගන්නෙ. එතකොට කාන්තාව පිළිගන්න කැමති රැධිර වහනයක් නිසා. දැන් කාලෙ විස්තර කරලා කිව්වෙ නැත්නම් පිළිගන්නත් අකමැති ගබ්සාවීමක් කියලා.

මුල් කාලයේදී හරියට පේන්නෙ නැත්නම් ගබ්සාවීමක් කියන්න බැහැ. හැම කාන්තාවක්ම අන්තිම ඔසප්වීම වෙලා සති දෙකකින් ගර්භණීය භාවයට පත් වෙනවා කියලා හිතලා තමයි අපි දින ගනින්නෙ. සති තුනකින් උනොත් අපි සති 6යි කිව්වොත් ඇත්තටම සති 5ක් වෙන්නෙ. වෛද්‍යවරයකු හැමවිටම බලනවා මේක ගබ්සාවීමක් ද එහෙම නැත්නම් තව සතියකින් දෙකකින් නැවත Ultrasound Scan එකක් කරලා විනිශ්චය කිරීම සිදු කරනවා. සමහර වෙලාවට 100% තහවුරු උනත් රෝගියාට ඒත්තු ගැන්වීම සදහ සතියකින් දෙකකින් නැවත Ultrasound Scan පරීක්ෂණයක් සිදු කරනවා. එතකොට පෑසය කලින් විදිහමයි වැඩීමක් නෑ. එතකොට එයාලා පිළිගන්නවා මේක ගබ්සාවීමක් කියලා.

සමහර අවස්ථාවලදී රැධිරයේ තියෙන Pregnancy හෝමෝනය ප්‍රමාණය බලලත් යම් තරමක් දුරට කියන්න පුළුවන්. හෝමෝන ප්‍රමාණය වැඩි වෙන්නෙ නැත්නම් හෝ අඩුවෙලා යනවා නම් ඒ විදිහටත් කියන්න පුළුවන්. ඒත් ඊට වඩා පහසුයි Ultrasound Scan එකකින් එය තහවුරු කර ගන්න එක.

ගර්භණීය භාවයට පත් උනාම 20% ස්වාභාවික ගබ්සාවීම් සිදුවෙනවා. ඒ පිරිසෙන් 99%කට වගේ සිදු වන්නෙ අන්තිම ඔසප්වීම සිදු වූ දිනසිට සති 6-8 කාලය අතර ගොඩක්ම සිදුවන්නෙ. සති 12න් පසුවත් ගබ්සා සිදුවන්න පුළුවන්. මැද කාර්තුවේදී නොයෙකුත් හේතු නිසාවෙනවා. ඒවා නොයෙකුත් හේතු නිසා වෙනවා.

වැඩිදෙනෙකුට සිදුවන්නෙ දැන ගත් වහාම සති 5,6,7 මේ කාලයේදි. නමුත් සමහර අවස්තාවලදී මෙය දැන ගන්න පුළුවන් සති 8,9 දී විතර. 20%කට ගබ්සාවීම් වෙනවා කියන්නෙ 5දෙනෙක් ගත්තොත් එක් අයෙකුට ගබ්සාවීමක් සිදු වෙනවා. මෙය ඉතා සුලබ දෙයක්. ගර්භණීය භාවයට පපත්වෙලා ගබ්සා උනාම බොහොම බියක් ඇති වෙනවා. මේ මොකද උනේ?? ආයම වෙයිද? නැවත දරැවෙක් පිළිසිද ගනීවීද?

සමහර කාන්තාවන්ට ගබසා උනාම රෝග විනිශ්චය පවා ඒත්තු ගැන්වීමට අපහසු වෙන්න පුළුවන්. මෙවැනි තත්තවයන් ඇති උනාම හේතු අහන එක තමයි හැමෝම කරන්නෙ. ඉස්සර කාලෙ නොයෙකුත් පරීක්ෂණ කරලා තියෙනවා. මේ ගසාවීමට හේතු බලන්න. එතකොට හොයා ගත්ත දෙයක් තමයි බහුතරයක් මෙවැනි ගබ්සාවක් සිදුවන්නෙ අහම්බෙන් බබාගෙ ඇතිවෙන වැරදි නිසා.

අපි දන්නවා ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එක් වීමෙන් තමයි කලලයක් හට ගන්නෙ. මේ කලලයේ හානියක් ඇති උනාම ජීවත් වෙන්න බැරි අසාමාන්‍යතා ඇති වෙනවා. ඒ වගේ වෙලාවට ස්වභාවිකව ගබ්සා වෙනවා.

ඕනෑම කෙනෙකුගේ ශුක්‍රාණු පරීක්ෂා කලහොත් 95% දක්වා අසාමාන්‍ය ශුක්‍රාණු තියෙන්නෙ පුළුවන්. කාන්තාවක් වැඩිවියට පත් වුනාට පස්සෙ පිටවෙන ඩිම්බ ප්‍රමාණයත් එක්ක තමයි ඉපදෙන්නෙ. අලුතින් ඩිම්භ ඇතිවෙන්නෙ නෑ. අවුරැදු 25 කාන්තාවකගේ අද ඔපස් චක්‍රයෙන් ඩිම්භයක් පිට උනා නම් වයස 25ක ඩිම්භයක් පිටවන්නෙ. අලුතින් බිත්තර හැදෙන්නෙ නෑ. අවුරැද්දට ඩිම්භ 12ක් පිට වෙනවා නම් 1ක් 2ක් හොද නැති ඩිම්භ වෙන්න පුළුවන්.

දරැවන් ඇතිවෙන එක විශේෂිත වූ සෛල. තමන්ගේ වර්ණ දේහවලින් බාගයයි ඩිම්භයේ තියෙන්නෙ. මාස තුනක් විතර යනවා ශුක්‍රාණු සම්පූර්ණයෙන් ශුක්‍රාණු ජනනයට හැදෙන්න. අද පිටවන්නෙ මාස තුනක් ඇතුලත හැදුනු ශුක්‍රාණු යි. ඒවයිනුත් 95% දක්වා අසාමාන්‍ය ශුක්‍රාණු තියෙන්න පුළුවන්. මෙවැනි අසාමාන්‍ය ශුක්‍රාණුවක් හොද නැති ඩිම්භයක් එක්ක හෝ හොද ඩිම්භයක් එක්ක එක් උවහොත් ඇතිවෙන ජීවියා ජීවත් වෙන්න බැරි නොයෙකුත් තත්ත්වයන් තියෙන්න පුළුවන්. එතකොට මුල් කාලෙදිම ගබ්සා වෙලා යනවා. ඉස්සර කාලෙ පරීක්ෂණ කරලා හොයා ගත්ත දෙයක් තමයි ඒක. අපි ඒවා දැන් පරීක්ෂණ කරලා හොයලා බලන්නෙ නෑ හේතු. මේක තමයි හේතුව.

මුල් පාරත් ගබ්සා උනා නම් දෙවැනි පාරත් ගබ්සා වෙන්න බොහෝවිට ඉඩ තියෙනවා. පිට පිට තුන් පාරක් ගබ්සා උනාම Recurrent Miscarriage කියලා කියනවා. මෙවැනි තත්ත්වයන් 1% අඩු සංඛ්‍යාවකට තමයි වෙන්නෙ. එතකොට අපි පරීක්ෂණ කරලා බලනවා.

සති 12ට කලින් ගබ්සාවීමක් සිදු උනහොත් වෙනත් හේතු තියෙනවද කියලා බලනවා. කෙනෙක් කියනවා මාස තුනෙන් ඒ කියන්නෙ සති 12න් දැන ගත්තෙ කියලා ඒ අයගේ ගබ්සාවීම වෙලා තියෙන්නෙ කියනවා. ඒ වැරදී සති 6,7න් තමා වෙලා තියෙන්නෙ ඒත් එයාලා දැන ගන්නකොට සති 12ක් ගිහින්. එතකොට කලලය වැඩීම සති 7ක් නම් ඊලග සතියෙම දැන ගත්තෙ නෑ. දැන ගන්න ප්‍රමාද වෙනවා. එතකොට අපි දැන ගන්න ඕනි ගබ්සාවීම උනේ කුමන කාලයේද කියලා. ඒක තමයි වැදගත්ම. කෙසේවෙතත් ස්වාභාවික ගබ්සාවීම් හරිම සුලභයි. එය වලක්වන්න අපිට කිසි සේත්ම බැහැ.

ඔබට මෙය වැදගත් උනා කියලා හිතෙනවා නම් ඔබ වගේම අම්මලා තාත්තලා හැමකෙනෙක්ටම මෙම post එක share කරන්න අමතක කරන්න එපා. තවත් දවසක ඔබට වැදගත් වෙන දේ රැසක් සමග හමුවෙමු.