අලුත උපන් දරැවාගෙ කිරිබීමේ ගැටලු හා ඒ සදහා කළ හැකි පිළියම් කිහිපයක් ගැන තමයි අද අපි ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
මව්කුස තුල සැපසේ සිටි දරැවාට මේ ලොව එළිය දුටු පසු මුලින්ම ඇතිවන ගැටළුව තමයි කිරි බීමේ ගැටලුව. අම්මගෙ නොදැනුවත්කම හා බබාගෙ නුහුරුගතිය එක්ක හරියට කිරි දෙන්න බැරි වෙනවා.
බබාව හරි විදිහට පියයූරැ මත තියලා තනපුඩු මත හරියට බබාව තියා ගත්තොත් බබාගෙයි අම්මගෙයි හමට හම ගෑවෙනා විද්දිහට නිවැරදි ඉරියව්වෙන් අම්මගෙ තනපුඩුවයි ඒ ආශ්රිත කළුපාට පෙදසයි බබාගෙ කට හොදට විවෘත කරලා බබාගෙ කට ඇතුලටම දාගන්න පුළුවන් නම් බබාට හොදට කිරි දීගන්න පුළුවන්.
මේ වෙලාවෙ දරැවව බිහිකරලා අම්මා ටිකක් අමාරැවෙන් ඉන්නෙ. අම්මට මේක හිතට බරක්. අම්මට මේ වෙලාවෙ උදව් අවශ්‍ය වෙනවා. ඉතිං අම්මා හිතනවා කවුද එයාට උදව් කරන්නෙ කියලා. කවුරු හරි අම්මට උදව් කරලා අම්මගෙ හිතත් හදනවා නම් “බය වෙන්න එපා ඔයාට කිරි තියෙනවා බබාට කිරිටික පොවාගන්න පුළුවන් කියලා” ගොඩක් වෙලාවට කිරි ප්‍රශ්නයෙන් මිදෙන්න පුළුවන්. ගොඩක් අම්මලට බබාට තියෙන ආදරේ හින්දා හිතෙන්නෙ කිරි මදිවෙයි කියලා. මුල් වෙලාවෙදි 5ml වගෙ පොඩි ප්‍රමාණයක් තමයි බබාට අවශ්‍ය වෙන්නෙ බබාගෙ ආමාංශ අවකාශය පොඩි නිසා. දවසින් දවස අම්මගෙයි බබාගෙයි බැදීම වැඩිවෙලා අම්මට බබා ගැන ආදරෙ වැඩි වෙනකොට කිරි වැඩෙනවා. ඉතිං අම්මව සන්සුන් කරන එක ඉතාම වැදගත් වෙනවා.
බබාලා කහ වෙන එක තමයි ඊලග ගැටළුව. බබාට තියෙනවා බිලිරුබින් (Bilirubin) කියලා සංඝටකයක්. රැධිර සෛල මැරැනාම වෙන පරිවෘති ක්‍රියාවෙදි තමයි ඒක හැදෙන්නෙ. මලපහ වල කහ පාට එක් කරන්නෙ මෙම සංඝටකයි. බබාගෙ රැධිර සෛල අපේ වගේ නෙවෙයි ඉක්මනින් මැරෙන්න ගන්නවා. ඊට පස්සෙ අලුතින් එනවා. ඉතිං බබාට කහපාට සංඝටකය එළියට දාගන්න බෑ හරියට. අක්මාව හරහා හරියට ප්‍රතිචක්‍රිකරණය වෙන්නෙ නෑ හරියට. එතකොට පොඩ්ඩක් කහ පාට වෙනවා. අම්මලා ඒකට බය වෙනවා. හොදට කිරි පෙවෙනවා නම් මේ කහපාට ගතිය අඩුවෙනවා. යම් විදිහට ඒ කහපාට ගතිය අඩුවෙන්නෙ නැත්නම් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා දීලා කහපාට ගතිය අඩු කරන්න. කහපාට ගතිය ගොඩක් වැඩිවෙන්න දෙන්න හොද නෑ. කහපාට බබාගෙ මොළයට ගිහින් යම් යම් ගැටළු ඇතිකරන්න පුළුවන්.
බබාට කහපාට බිබිලි (කිරි බිබිලි) ඇතිවෙන්න පුළුවන්. එයට හේතුව තමයි අපේ අත්වල විෂබීජ තියෙන්න පුළුවන්. අපි හරියට අත් හෝදන්නෙ නැතිව බබාව ඇල්ලුවාම ඒ විෂබීජ බබාගෙ හමේ තැන්පත් වීමෙන් තමයි කිරි බිබිලි ඇතිවෙන්නෙ. අපි බබාව අල්ලන්න කලින් හොදින් අත් සෝදලා පිරිසිදු වෙලා තමයි බබාව අල්ලන්න ඕනි.
ගොඩක් අම්මලට මේ වගේ ගැටළු රාශියක් ඇතිවෙන්න පුළුවන්. බබාට තියෙන ආදරේ නිසා තමයි අම්මට හිතෙන්නෙ මේක බබාට ප්‍රශ්නයක් කියලා. ඒත් ඒ ගැටළු සාමාන්‍ය දේවල්. අම්මගෙ හිත හදලා අම්මව සතුටින් තිබ්බොත් තමයි කිරි හොදට හැදෙන්නෙ.
මව්කිරි බිව්වාම බබාට වාසි ගොඩක් තියෙනවා. බබාගෙ ඇගේ ප්‍රතිශක්තිකරණය ගොඩක් අඩුයි. අම්මගෙන් ලැබෙන මව් කිරිවලින් තමයි බබාට අවශ්‍යය ප්‍රතිශක්තිකරණය ලැබෙන්නෙ. ඒ හරහා විෂබීජ වලට එරෙහිව සටන් කිරීමේ ශක්තිය කහපාට ගතිය අඩුවෙන එක බුද්ධිය වර්ධනය වන එක හැම දෙයක්ම වෙන්නෙ මව් කිරි බීම හරහායි. ඉතිං මුල් අවධියේදී මව් කිරි ලබා දීම ඉතාම වැදගත් වේ.
ඔබට මේ ලිපිය වැදගත් උනා කියලා හිතෙනවා නම් ඔබ වගේම අම්මලා තාත්තලා වෙන්න බලාපොරොත්තු වෙන හැමකෙනෙක්ටම මෙම post එක share කරන්න අමතක කරන්න එපා. තවත් දවසක නැවත හමුවෙමු.









