ගර්භණීය සමයේදී ඇතිවන මානසික පීඩනය ගැන දැන ගනිමු

ගර්භණීය සමයේදී ඇතිවන පීඩනය ඔබට සහ ඔබේ කුසේ සිටින දරැවාට කොයි විදිහටද බලපාන්නෙ. එය වලක්වා ගන්න කරන්න පුළුවන් සුළු සුළු දේවල් මොනවද කියන දේ ගැනයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

ගර්භණීය සමයේදී ශරීරයේ ඇතිවන වෙනස්කම් සමග Stress එක ඇතිවීම සාමාන්‍ය දෙයකි. Over Stress කියන Level එකට යන එක තමයි භයානක. Anticy හෝ Depression කියන තත්තවයන් වලට යන්නට ඉඩ කඩ වැඩී. ඒ වගේම දරැවට වෙන්න පුළුවන් සෞඛ්‍යයමය අවදානමත් වැඩී ඉන් එහාට ගියොත්.

Stress ඇති වීමට හේතු??

1. Physical Stress

අපේ ඇගේ ඇති වෙන වෙනස්කම් නිසා Stress ඇති වෙන්න පුළුවන්. බර වැඩි වෙන එක, Under Arms කළු වෙන එක, බෙල්ල වටේ කළු වෙන එක , ඇස් යට කළු වෙන එක, pimples එන එක වගේ තව ගොඩක් වෙනස්කම් වෙන්න පුළුවන්. ඊට අමතරව ඔළුවෙ කැක්කුමක් ,කොන්දෙ කැක්කුමක් ,ඇගේ අමාරැවක් මේ දේවල් නිසාත් Physical Stress කියන එක ඇති වෙන්න පුළුවන්.

2. හෝමෝන වෙනස් වීම නිසා ඇති වෙන Stress

මේ නිසා ගොඩක් වෙලාවට ඔයාලගෙ Moods Change වෙනවා. මේ සතුටින් ඉන්නවා. මේ කේන්ති යනවා. ඒ වගේ දේවල්. හෝමෝන වෙනස්කම් නිසා Stress වෙනව නෙවෙයි ඒ හේතුව නිසා හට ගන්න වෙන දෙයක් නිසා Stress වෙන්න පුළුවන් කියන දේ.

3. ඔබ ගොඩක් කාර්යබහුල කෙනෙක්. ගෙදර වැඩ, රස්සාවෙ වැඩ, ඔබ pregnant වෙලා අලුත් කෙනෙක් පවුලට එකතු වෙන්නත් ඉන්නෙ. ඒ නිසා Stress වෙන්නත් පුළුවන්.

4. Personal Issue

පවුලේ ප්‍රෂ්න , Relationship පිළිබද ප්‍රෂ්න ( Husband & Wife, අම්මා දුව, නැන්දම්මා ලේලි, සහෝදර සහෝදරියන්) නිසා Stress ඇති වෙන්න පුළුවන්.

5. Pregnancy Worries

මිනිස්සු කියන දේවල් නිසා අනවශ්‍ය විදිහට Stress එක. Delivery එකේදී මෙහෙම උනොත් මෙහෙම අමාරැ වෙනවා, මෙහෙම උනොත් මෙහෙම වෙනවා මේ වගේ දේවල් කීම නිසා අනවශ්‍ය බයක් නිසා Stress ඇති වෙන්න පුළුවන්.

මෙන්න මේ වගේ හේතු නිසා ඇති වෙන Stress එක නිසා එය ඔබට බලපාන්නෙ කෙසේද කියන එක ගැන අපි දැන් කතා කරමු.

1. නිතරම ඇතිවෙන ඔළුව කැක්කුම

වැඩිපුර ඔයා Stress උනොත් නිතර නිතර ඔළුව කැක්කුම එන්න පුළුවන්. ඊට ප්ස්සෙ නිනිද යන්නෙ නැති කම , ඔයාගෙ ශරීරයට ඕනවට වඩා වෙහෙස දැන්නෙන්න පුළුවන්, කන්න බැරි එක, Mood Swings ඇතිවෙන්න පුළුවන්. මේ තත්තවයන් වලට ප්‍රතිකාර නොකර දීර්ඝකාලීනව පැවතුනහොත් High Blood Pressure , ගර්භණීය සමයේදී ඇති වෙන දියවැඩියාව තත්තවයන් ඇති වෙන්න පුළුවන්, හදවත් රෝග වගේ තත්තවයනට එන්න තියෙන ඉඩ කඩ සම්භාවිතාවය වැඩී.

මේ දේ හොදින් මතක තියා ගන්න. ඔබට ඇතිවෙන සියළුම Moods Swings එකක්ම Stress නෙවෙයි. ඔයාට ඇතිවෙන හැම දුකක්ම වේදනාවක්ම Stress නෙවෙයි. ඒ දේවල් සාමාන්‍ය දේවල්. සාමාන්‍යයෙන් දැනෙනවාට වඩා වැඩියෙන් මේ දේවල් වෙනව නම් තමයි Stress.

ඔබට මෙය වැදගත් උනා කියලා හිතෙනවා නම් ඔබ වගේම අම්මලා තාත්තලා හැමකෙනෙක්ටම මෙම post එක share කරන්න අමතක කරන්න එපා. නැවත හමුවෙමු.