ගර්භණීය භාවයේදී ඖෂධ භාවිතයට සුදුසුද යන්න ගැන බොහෝ ගර්භණීය කාන්තාවන්ට තියෙන ගැටළුවක්. අද ඒ ගැන දැනුවත් වෙමු.
ඔබ ගර්භණීය භාවයට පත් උනා කියලා දැනගත් වහාම Folic Acid ඖෂධ ලබා ගත යුතුද? Folic Acid ගර්භණීය වෙන්න කලින් ඉදන් ලබා ගන්න ඕනි. ලබාගෙන නැත්නම් දැන ගත් වහාම ලබා ගත යුතුයි.
යකඩ පෙති, කැල්සියම් පෙති ගර්භණීය භාවයේදී ලබා ගැනීමේදී කිසිම ගැටළුවක් ඇති නොවේ. ගොඩක් අයට වමනය ඔක්කාරය ඇති වෙනවා. වමනය ඔක්කාරය ඇතිවෙන කාලයේදී යකඩ පෙති ලබා ගැනීම සුදුසු නෑ. ඉන් හානියක් සිදුවන්නෙ නෑ. වමනය ඔක්කාරය වැඩි වෙනවා. කැල්සියම් සහ යකඩ පෙති දෙන්නෙ සති දොලහ පහු වුනාට පස්සෙ. එතකොට වමනය ඔක්කාරය ක්‍රමක්‍රමයෙන් නැතිවෙලා යන කාලය. මුල් කාලයේදී අවශ්‍යම Folic Acid විතරයි.
අද වෙනකොට කළලයට 100% හානි නොවන ඖෂධ වර්ග තියෙනවා. අධික හිසරදයක් උණ වගේ තත්තවයන් තියෙනවා නම් පැරසිටමෝල් ඖෂධය කිසිම ගැටළුවක් නැතිව ලබා ගන්න පුළුවන්. ඉන් කළලයට හානි සිදුවන්නෙ නෑ. අවශ්‍යය දේකට ප්‍රතිජීවක ඖෂධයක් දෙනවා නම් සුදුසු වෛද්‍යවරයකු ඕනම තරම් ප්‍රතිජීවක ඖෂධ තියෙනවා. ඉස්සර කාලේ නොයෙකුත් ඖෂධ තිබ්බා කළලයට හානි සිදුවන. දැන් වන විට ඉතා අල්පයක් විතරයි එවැනි ඖෂධ තියෙන්නෙ. කිසිම ගැටළුවක් නැතිව භාවිතා කරන්න පුළුවන්.
අධික ලෙස වමනය හෝ ඔක්කාරය තියෙනවා නම් සුදුසු ඖෂධයක් භාවිතා කරල ගර්භණීය භාවය තුලදී පහසු තත්තයකට ගන්න පුළුවන් .
කෙනෙකුට අධි රැධිර පීඩනය, දියවැඩියාව ,වලිප්පුව තියෙනවා නම් එවැනි විටක සැලසුම් නොකර ගර්භණීය භාවයට පත් වෙලා තියෙනවා නම් වහාම අදාල විශේෂඥ වෛද්‍යවරයා (ප්‍රසව හා නාරි වෛද්‍යවරයා නෙවෙයි. රෝගයට අදාල වෛද්‍යවරයකු ) හමුවන්න. වෛද්‍යවරයාට තමා ගැබ් ගත් බව දැනුවත් කරන්න. එවිට වෛද්‍යවරයා ඔබට සුදුසු ඖෂධය නිර්දේශ කරයි.
මොකද ගැබිණි කාලයේදී සාමාන්‍ය අධි රැධිර පීඩනය, දියවැඩියාව ,වලිප්පුව යනාදී ලෙඩ සඳහා දෙන බෙහෙත් සුදුසු නැහැ. එවැනි අවස්තාවක ප්‍රසව හා නාරි වෛද්‍යවරයා සහ අදාළ කායික වෛද්‍යවරයා දැනුවත් කර උපදෙස් ගන්න පුළුවන්.
උපත් පාලන පෙති භාවිත කරලත් ගර්භණීය භාවයට පත්වෙලා නම් බිය විය යුතු නෑ. ඒ වගේම postinor කියලා හදිසි උපත් පාලන පෙත්තක් තියෙනවා. එය අධි මාත්‍රාවකින් ලබා ගැනීම නිසා සමහර කාන්තාවන් අධික භීතියට පත් වෙනවා. එවැනි තත්ත්වයකදී බිය විය යුතු නෑ. අපි ගන්න ඖෂධ කළලයට යන්නෙ නැහැ වැදෑමහ හැදුනට පස්සෙ. මුල් කාලයේදී ලබා ගන්න උපත් පාලන ඖෂධ නැවැත්තුවාම අදාල ඖෂධ වලින් කළලයට බලපෑමක් සිදුවන්නෙ නෑ. ඔබට එවැනි බියක් තියෙනවා නම් වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා දැනුවත් විය හැකිය. නමුත් මෙවැනි අවස්තාවකදී වහාම ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කර තිබීම වැදගත්.
ඔබට මේ ලිපිය වැදගත් උනා කියලා හිතෙනවා නම් ඔබ වගේම අම්මලා තාත්තලා වෙන්න බලාපොරොත්තු වෙන හැමකෙනෙක්ටම මෙම post එක share කරන්න









