ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි ගර්භණීය අවධියේදී ඔබ නිදා ගන්න ඕනි කොයි පැත්තටද??? අද අපි ඒ ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ .
කාන්තාවන් හැමෝටම වැදගත්ම කාලයක් තමයි ගර්භණීය අවධිය කියන්නෙ. ඔබේ දරැවා කුමන ආකාරයෙන් අනාගතයට මුහුණ දෙනවද කියන දෙය තීරණය වෙන්න පටන් ගන්නෙ ගර්භණීය කාලයේදීය. ඔබ නිදා ගන්න ඉරියව්ව ඔබේ දරැවාගේ පෝෂණයට හා වැඩීමට කොයි තරම් දුරට බලපානවද කියලා ඔබ දැනුවත් නැතුව ඇති.
ඔබ නිදා ගන්න විවිධ ඉරියව් භාවිතා කරනවා. ඒ භාවිතා කරන ඉරියව් අතර එකක් තමයි උඩබැලි අතට නිදියන එක. අනෙක් එක තමයි දකුණු ඇලයට, වම් ඇලයට. හැබැයි මුනින් අතට නිදා ගන්නෙ නෑ ගර්භණීය අවධියේදී කොහොමත් අපහසුයි. ඉතිං විද්යාත්මකව බලනකොට වම් ඇලයට හැරිලා නිදා ගන්න එක තමයි ගර්භණීය අවධියේදි වැදගත් වෙන්නෙ. ඇයි කියලා අපි දැන් බලමු.
වම් ඇලයට හැරිලා නිදා ගත්තාම ඔබේ හෘදයේ සිට ගර්භාෂයට ගුරැත්වාකර්ෂණ බලයෙන් රැධිරය ගලා යෑමේ ක්රමවේදයේ පහසුවක් ඇති වෙනවා. ඔබේ හෘදය ගර්භාෂයට වඩා ඉහළින් පිහිටනවා. හොදින් රැධිරය කලලය වෙත ගමන් කරන්න මෙයින් පහසුවක් ලැබෙනවා.
ඔබ හොදින් දන්නවා දරැවාට මවගෙන් රැධිරය හරහා පෝෂණය හා ඔක්සිජන් ලැබෙන්නෙ. ඔක්සිජන් හොදින් ලැබෙන්න ඕනි කලලය වර්ධනයට . ඔක්සිජන් හොදින් ලැබුනෙ නැත්නම් සමහර වෙලාවට මොළයට ඔක්සිජන් සැපයුම අඩුවෙලා යම් යම් සංකුලතා ඇතිවිය හැකිය. සමහර වෙලාවට ආබාධිත දරැවන් බිහිවෙනවා මොළයට ඔක්සිජන් අඩුවුනාම.
මෙන්න මේ හේතු හින්දා අපි සැලකිලිමත් වෙන්න ඕනි කළලයට හොද රැධිර සම්පාදනයක් ලැබෙන ආකාරයට නිදා ගන්න. ඔබ බොහෝ සැලකිලිමත් වෙන්න ඕනි වැඩි වෙලාවක් වම් ඇලයට නිදා ගන්න. වැඩි වෙලාවක් එකම ඉරියව්වේ නිදා ගන්නත් එපා. එහෙත් වැඩි වේලාවක් වම් ඇලයට නිදාගෙන කලලයට හොද රැධිර සම්පාදනයක් ලබලා දීලා හොද පෝෂණයක් ලබලා දීලා හොද ඔක්සිජන් සම්පාදනයක් ලබලා දීලා නොරෝගි දරැවෙකු බිහිකරන්නට අඩිතාලම දමා ගන්න.
ඔබට මෙය වැදගත් උනා කියලා හිතෙනවා නම් ඔබ වගේම අම්මලා තාත්තලා හැමකෙනෙක්ටම මෙම post එක share කරන්න අමතක කරන්න එපා. තවත් දවසක ඔබට වැදගත් වෙන දේ රැසක් සමග හමුවෙමු.









