දරුවන්ගේ කතා ප්‍රමාදය හඳුනාගැනීම සහ විසදුම්

ඔබේ දරැවාත් කතා කරන්න පරක්කුයි ද?? බබාගෙ භාශා හැකියාව ටිකෙන් ටික දියුණු කරන්නෙ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්නෙ.

සාමාන්‍යයෙන් අවුරැදු 2-3 වෙද්දි දරැවන්ට භාශාව හැසිරවීම, කතා කිරීමේ හැකියාවක් තියෙනවා. සමහර බබාලා භාශා කිහිපයක් හසුරවන්න දන්නවා. දරැවෙකුගේ හැසීරීමේ ගැටළුවක් ඇති වූ විට හදුන ගන්න තියෙන හොදම විදිහක් තමා භාශා හැකියාව. භාශාව හැකියාව අඩුවීම හා භාශාව හැකියාවේ ගැටළු තුලින් විනිශ්චය කරනවා බබාට යම් කිසි හැසිරීමේ ගැටළුවක් ඇතිවෙලා කියලා.

බබාට කොයි තරම් ඇහෙනවද, අහගෙන ඉන්නවද, බාබා කතා කරනවද කියන එක මත තමා බබාගේ භාශාව හැසිරවීම කතා කිරීම සම්බන්ධයෙන් රදා පවතින්නෙ. භාශාව හා සන්නිවේදන හැකියාව බබාගෙ අනෙක් කුසලතාවලට සෘජුවම බලපානවා. බුද්ධිමත් දරැවෙක් හදන්න නම් භාශා හැකියාව දරැවෙක්ට හොදින් තිබිය යුතුයි.

සාමාන්‍යයෙන් දරැවෙක් කුස ඇතුලෙ ඉද්දි සති 16දී බබෙක්ගෙ කන ඇහෙන්න පටන් ගන්නවා එක්ක භාශා හැකියාව ඇතිවෙන්න පටන් ගන්නවා. කුස ඇතුලෙ ඉද්දි අම්මට,තාත්තට කියනවා බබා එක්ක කතා කරන්න කියලා. ඒ වගේම බබාට එළියෙ ශබ්ද ඇහෙනවා. බබා බඩ ඇතුලෙ ඉන්නෙ ස්ථර කිහිපයක් හා වතුර බෑගයක් ඇතුලෙ. ඒ හින්දා බබාට හ්ම්ම් ශබ්දයක් සමග තමයි ඇහෙන්නෙ. බබාට මවගෙ කටහඩ ඉතා පැහැදිලිව ඇහෙනවා. අනෙක් කටහඩවල් ඇහෙන්නෙ හෙමින්. ඒ නිසා කුස ඇතුලෙ ඉන්න බබාගෙ සන්නිවේදනය දියුණු කරන්න අම්මම ගීත කියන්න,නැලවිලි ගී කියන එක වඩාත් හොදයි Recording එකක් අහන්න දෙනවට වඩා.

බබාගෙ එක ඉරියව්වකින් උනත් අම්මට බබා කියනදේ තේරැම් ගන්න පුළුවන්. එහෙම තේරැම් ගත්තට භාශාව කියන එක තේරැම් ගැනීම හා කතා කිරීම කියනදේ අතිශය ප්‍රබල විදිහට බලපාන නිසා අපි ඒ ඉරියව් මගින් තේරැම් ගැනීම කියන දේ කතා කරන්න පටන් ගත්තට පස්සෙ අත අරින්න ඕන. පුළුවන් තරම් අපිත් එක්ක ගනුදෙනු කරන්න බබාට භාශාව හුරැ කරන්න.

බබාට අවුරැදු දෙක සම්පූර්ණ වෙනකොට වචන කියන්න දෙන්න. මේක තමයි භාශා කුසලතාවයේ හොදම මින්ම. පහලින් තියෙන දේවල් ඔයාගෙ බබට පුළුවන්ද බලන්න. 👇

🍀මාස හයෙන් පස්සෙ බබා කියන්න පටන් ගන්නවනෙ බාබාබා, චාචාචා වගේ වචන ටිකක්. බබබාව හොදින් දිරි ගන්වන්න ඕනි ඒ දේට.

🍀ඥාති සම්බන්ධතා තියෙන වචන කියන්න පුළුවන් වෙන්න ඕනි. (උදා:අයියා =යියා යායා)

🍀ඊලගට සුලභ වචන තියෙන්නෙ Hello, මාමා,නැන්දා වගේ වචන කියන්න පුළුවන් වෙන්න ඕනි.

🍀අයිතිය ප්‍රකාශ කරන වචන “මේක බබාගේ” වගේ වචන කියන්න පුළුවන්ද බලන්න.

🍀ගී තනු මුමුනන්න පුළුවන්ද බලන්න. සිංදු කියන්න නෙවෙයි තාලෙට ආආආ, ලාලාලා වගෙ දේවල් කියලා අත්පුඩි ගහනවද බලන්න බබාට සෞන්දර්ය තේරෙනවද බලන්න.

🍀ඉල්ලීම් ඉල්ලන්න පුළුවන්ද බලන්න. “කෑම ඕනි, වතුර ඕනි” වගේ දේවල් ඉල්ලනවද බලන්න.

🍀Discovering වචනයක් කියන්න බබාට පුළුවන්ද බලන්න. ඒ කියන්න මේ මොකක්ද වගේ දේවල් අහන එක.

🍀භාණ්ඩ කිහිපයක් හදුනා ගන්නවා මේක මේකයි කියල. කෝ පුටුව,මේසේ.. ඒ වගේ දේවල් අහන එක.

🍀මම අපි ඔයා කවුද කියන්න බබා දන්නවා.

🍀ඊලගට වාක්‍යයක් කියනවා. “නංගි ආවා. අයියා ගියා” වගේ ද්වල් කිහිපයක් කියන්න අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනි.

🍀ආමන්ත්‍රණයන් හා අනදීම් කරනවා. “පූසා එන්න. අම්මෙ බත් දෙන්න” වගේ දේවල්.

මේ හැමදෙයක්ම ගත්තාමා භාශා හසුරවා ගන්න වචන 20 වගේ පුළුවන්. සමහර දරැවන්ට ඊටත් වඩා පුළුවන් දරැවාගෙන් දරැවාට හැකියාව වෙනස් නිසා.

දරැවෙක්ට භාශාව හැසිරීමට වචන පුළුවන් උන පමණින් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අපි කියන දේවලටත් ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන්න් ඕනි.

ඒ කියන්නෙ අපි කියනදේ ඇහිලා ප්‍රතිචාර දක්වන එක. එයාලා කියන දේ වගේම අපි කියනදේ බබා තේරැම් ගෙන ප්‍රතිචාර දක්වන එකත් ගොඩක් වැදගත්.

බලන්න ඔබේ දරැවාටත් මේ දේවල් පුළුවන්ද කියල 👇

🍀බබාගෙ නම කියලා ආමන්ත්‍රණය කරාම අඩුම බබා හැරිලා බලන්නවත් ඕනි.

🍀විදාන පිළිපදින්න තේරෙන්න ඕනි. “පුතේ එන්න” කිව්වම ඒක තේරැම් යන්න ඕනි.

🍀ඉල්ලීම් තේරැම් යන්න ඕනි. “පුතා මේක මට දෙනවද ” කිව්වම ඒ වගේ ඒවා තේරැම් යන්න ඕනි.

🍀ඊලගට සතා ගලපන්න කියලා එකක් තියෙනවා. සතාගෙ හඩ ඇහුනාම ඒ කවුද කියලා කියන්න බබාට පුළුවන් වෙන්න ඕනි. “උම්බෑ” කිව්වම හරක කියල බබා අදුර ගන්න ඕනි.

🍀සරල අනුකරණ කරන්න ඕනි. ඒ කියන්නෙ අපි කියන වචන අනුකරණය කරන්න, අම්මව අනුකරණය කරන්න වගේ දේවල් පුළුවන් වෙන්න ඕනි.

🍀සෙල්ලම්බඩු අදුර ගන්න ඕනි.

🍀නාම පද කිව්වම බබා අදුර ගන්න ඕනි.

🍀අපි කියන “ඔව්,නෑ,නැහැ” කියන දේවල් තේරැම් ගන්න ඕනි.

🍀බබාට ප්‍රෂ්න අහන්න පුළුවන් වෙන්න ඕනි.

🍀දෙයක් ඇහුවම ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන්න ඕනි.

🍀කතන්දරයක් කියද්දි බය හිතන දෙයක් කියද්දි ඇස් ලොකු වෙන්න , හිනා යන දෙයක් කිව්වම හිනා යන්න වගේ දෙ වලින් ප්‍රතිචාර දක්වන්න ඕනි.

🍀බබා නොදන්න වචන තේරැම් ගන්න උත්සහ කරන්න ඕනි.

මෙන්න මේ දේවල් තමයි අවුරැදු 2ට අඩු දරැවෙක්ගේ භාශා හැකියාවේ සංවර්ධන මූලික කොටස් ටික සරලව.

ඊලගට අම්මලාට තියෙන ප්‍රෂ්නයක් තමයි මගේ බබා මේවා කරන්නෙ නැත්නම් මොකද කරන්නෙ කියලා. මේ දේවල් වලින් එකක් දන්නෙ නෑ කියලා ප්‍රෂ්නයක් නෑ. හැබැයි මෙහෙම උනොත් වෛදයවරයාගේ උපදෙස් පතන්න.👇

1. අවුරැදු 1 සම්පූර්ණ වෙද්දි නම කිව්වම වත් ප්‍රතිචාර දක්වන්නෙ නැත්නම්.

2. ළමා සංවර්ධන කාඩ් පතේ සදහන් වෙනවා අවුරැදු 1 වෙද්දි භාශාව සම්බන්ධ ක්‍රියාකාරකම්. ඒ ටිකෙන් කරන්න බැරි දෙවල් ගොඩක් තියෙනවා නම්.

3. අවුරැදු 2 සම්පූර්ණ වෙද්දි කතා නැතිව ඉන්නව නම්.

4. සංඥා භාවිතා කරනවා නම්.

5. ඇහැට ඇහැ ප්‍රතිචාර දක්වන්නේ නැත්නම්.

6. අවදානය අඩු නම්.

7. අපි කියන දේවල් කිසි දෙයක් තේරෙන්නෙ නෑ වගේ නම්.

අවුරැදු දෙක සම්පූර්ණ වෙද්දිත් මේ දේවල් කරන්නෙ නැත්නම් ඉක්මනින් වෛදයවරයා හමුවන්න. සමහර විට හොදට කතා කරලා හිටපු බබෙක් අවුරැදු 2දි මෙහෙම වෙන්නත් පුළුවන්. ඒ නිසා සැලකිල්ලෙන් ඉන්න බබාගෙ හැසිරීමේ ගැටළුවක් ද කියලා. විශේෂයෙන්ම ඕටිසම් වගේ ගැටළු එද්දි මුලදි හදුන ගන්න පුළුවන් භාශාවෙන් තමයි. භාශා සංවර්ධනයේ යම් ගැටළුවක් ඇති බව මවට තේරෙනවා නම් අනිවාර්යෙන් ක්ෂේත්‍රයේ දැනුමක් තියෙන කෙනෙකුගෙන් විමසන්න.