ගර්භණීය සමයේ ග්ලූකෝස් පරීෂණය කර ගත යුත්තේ ඇයි? ඒ කොහොමද?

ආසියාතික රටවල ප්‍රධානම ආහාරය බත්වේ . එහෙම නැතිනම් පිෂ්ටය දේවල්. එම නිසා බටහිර රටවලට සාපේක්ෂව අපේ රටේ ආසන්න වශයෙන් හත්දෙනෙකු ගෙන් එක් අයෙකුට ගර්භණීය භාවයේදී ආවේණික වූ දියවැඩියාව හෙවත් GDM තියෙනවා. මෙය ගර්භණීය භාවයේදී තියෙනවදා නැද්ද කියල හරියටම දැන ගන්න කරන පරීෂණය තමයි OGTT (Oral Glucose Tolerance Test) පරීක්ෂණය හෙවත් ග්ලූකෝස් ටොලරන්ස් පරීෂණය.

මෙය සිදු කිරීම සදහා පැය දහයක් නිරාහාරව සිට රසායනාගාරයට යන්න ඕනි. දවල් කාලයේදී නිරාහාරව යෑම අපහසු නිසා රෑ දහයට පමණ කන බොන එක නවත්තලා පහුවෙනිදා උදේ 7.30ට වගේ රසායනාගාරයට ගිහින් 8ට විතර රැධිර පරීක්ෂණයක් කරනවා. වතුර පානය කරන්න පුළුවන්. හැබැයි සීනී රහිත වතුර වෙන්න ඕනි. තේ බොන්න බෑ.

ඉන්පසුව රෝහලෙන් ලබා දෙන ග්ලූකෝස් 75g දියරයක් වශයෙන් ලබා දෙනවා. මේ ග්ලූකෝස් 75g පානය කල යුතුයි. සමහර අයට මෙය අප්පිරියයි. එහෙම වෙනවා නම් දෙහි බෑයක් අරගෙන දාන්න පුළුවන්. සීනී දාන්න එපා. ඒ වගේම සීත කලාම අප්පිරියාව ඔක්කාරය යන එක නවත්තන්න පුළුවන්. ඔක්කාරය හැදෙයි කියලා හිතෙනවා නම් වමනය යෑම වලක්වන ඖෂධ ඊට පැය භාගයකට කලින් ලබා ගන්න පුළුවන්. වෛද්‍යවරායා ලවා නිර්දේශ කරගෙන එය ලබා ගන්න.

මේ ග්ලූකෝස් ද්‍රාවණය දුන්නට පස්සෙ පැයකින් නැවත සීනී බලනවා. ඊට පස්සෙ නැවතත් පැයකින් ලේ වල සීනී මට්ටම පරීක්ෂා කරනවා. මෙය හොද නැත්නම් ඔබ ගර්භණීය භාවයේදී පරිස්සම් විය යුතුය. සමහර අයට අවදානමක් තියෙනවා. දියවැඩියාව තියෙනවද නැද්ද කියන්න පුළුවන් මේ පරීෂණයෙන්.

Fasting blood Sugar එක ආසන්න වශයෙන් 94ට වඩා අඩු වෙන්න ඕනි. ගර්භණීය භාවයේදී නිරාහාරව ගන්න blood Sugar මට්ටම අඩුයි අනිත් වෙලාවලදි වඩා. පැයෙන් ගන්න එක 180ට වඩා අඩු වෙන්න ඕනි. පැය දෙකේ අගය 140ට වඩා අඩු වෙන්න ඕනි. මීට වැඩීනම් වහාම පෝෂණ වේදියා හමුවී ආහාර පාලනයකින් සීනී සුදුසු මට්ටමක තියා ගන්න. සීනි මට්ටම වැඩි උවහොත් දරැවට අහිතකර ලෙස බලපානවා. මවට බලපාන්නෙ නෑ. ගර්භණීය භාවය ඉවර උන හැටියම මේක හොද වෙනවා. පාලනයකින් තොරව පිෂ්ටය ගැනීම නිසා මෙය දරැවාට අහිතකර ලෙස බලපායි.

OGTT පරීෂණය කළ යුක්තේ කුමන කාලයේදීද? ගර්භණීය මුල් කාලේදි කරන්න පුළුවන් කලින් ගර්භණීය භාවයවලදී දියවැඩියා තත්ත්වයක් ඇති උන ස්ථුල කාන්තාවන්ට. නමුත් ගර්භණීය භාවයේදී මේ දියවැඩියාව හැදෙන්න වෙනස් වීම සිදු වන්නෙ සති 24-28 කාලයේදීය. බොහෝදුරට සති 28දී තමයි කල යුක්තේ. සමහර අවස්තා වලදී සති 28දීත් කරනවා සති 32දිත් කරනවා. මෙය ඉතා වැදගත් පරීෂණයකි.

ඔබට මෙය වැදගත් උනා කියලා හිතෙනවා නම් ඔබ වගේම අම්මලා තාත්තලා හැමකෙනෙක්ටම මෙම post එක share කරන්න අමතක කරන්න එපා. තවත් දවසක ඔබට වැදගත් වෙන දේ රැසක් සමග හමුවෙමු.