ගැබිණි මව්වරුන්ට Tetanus එන්නත විශේෂ වන්නේ ඇයි ?

පිටගැස්ම එන්නත ගැන තමයි අද අපි ඔයාලාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

පිටගැස්ම කිව්වාම මේක ටිකක් බයානක රෝගයක්. ඉස්සර කාලෙ නම් පුංචි බබාලා නව ජන්ම පිටගැස්ම රෝගය හැදිලා මිය යනවා. මේ නිසා අපි ගර්භණීය මව්වරුන්ට පිටගැස්ම එන්නත ලබා දෙනවා.

පිටගැස්ම රෝගය මාරන්තික විය හැකි රෝගයක් නිසායි මේ විදිහට අනිවාර්යයෙන් මව්වරුන්ට එන්නත් කරන්නෙ. දැන් නම් ලංකාවෙ මේ රෝග තත්ත්වය තුරන් වුන ගානට අයින් වෙලා තියෙන්නෙ. නමුත් තාමත් අපි ගර්භණීය මව්වරුන්ට පිටගැස්ම එන්නත ලබා දෙනවා නව ජන්මයන්ව පිටගැස්මෙන් ආරක්ෂා කරන්න.

ක්ලෝස්ට්‍රීඩියම් ටෙටනි බැක්ටීරියාව නිසා තමයි පිටගැස්ම රෝගය හැදෙන්නෙ. මේ බැක්ටීරියාවට එරෙහිව Toxin එකක් ශරීර ගත කරනවා Injection එකක් විදිහට.

දැන් ඔයාලාට තියෙන ප්‍රශ්නය තමයි කවද්ද මේක දෙන්නෙ කියන එක. ගර්භණීය සති 12 ක් ගත වුනාට පසුව පළමු එන්නත ලබා දෙනවා. පළවෙනි එන්නත ලබාදීලා සති 6ත් 8ත් අතර කාලයේදී 2වනි එන්නත ලබා දෙනවා. සමහරවිට පළවෙනි එන්නත ලබාගෙන සති 6-8 අතර කාලෙදි ලබා ගත්තෙ නැත්නම් ගැටළුවක් නෑ. ගර්භණීයතාවයට සති දෙකක් තියලා මේ එන්නත් ලබා ගත්තට ගැටළුවක් නෑ.

දෙවනි ගර්භණීයතාවයේදී නැවත එන්නතක් ලබා දෙනවා සති 12න් පස්සෙ එක එන්නතක්. බබා බිහි වෙන්න සති දෙකකට පෙර ඒ අතර කාලයේදී එන්නත ලබා දෙන්න ඕනි. තුන්වෙනි, හතරවෙනි ගර්භණීය තාවයේදීත් මේ විදිහටම එන්නත ලබා දෙනවා. මේ විදිහට සම්පූර්ණ එන්නත් 5ක් අපි මව්වරුන්ට ලබා දෙනවා. මුළු එන්නත් 5ක් ශරීරයට ලැබුනට පස්සෙ ඔබ පිටගැස්ම රෝගයෙන් ජීවිත කාලයටම ආරක්ෂිතයි. ඔබේ දරැවත් ආරක්ෂිතයි. බබාලටත් පිට ගැස්ම එන්නත අන්තර්ගත කරලා තියෙනවා ඉදිරියට. ඒ නිසා බය වෙන්න එපා අපි ගොඩක් ආරක්ෂිතයි මේ රෝගයෙන්.

🌟🌟ගර්භණීය මව්වරුන් මේ කියන කාලයන් තුල පිටගැස්ම එන්නත ලබා ගැනීමට සැලකිලිමත් වෙන්න.

ඔබට මෙය වැදගත් උනා කියලා හිතෙනවා නම් ඔබ වගේම අම්මලා තාත්තලා හැමකෙනෙක්ටම මෙම post එක share කරන්න අමතක කරන්න එපා. තවත් දවසක ඔබට වැදගත් වෙන දේ රැසක් සමග හමුවෙමු.