නල දරැ තාක්ෂණය ගැන දැන ගනිමු

නල දරැ තාක්ෂණය (IVF/ In-Vitro Fertilization) ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

දරැවෙකු අපේක්ෂාවෙන් ඉන්න යුවලකට ස්වාභාවික සංසර්ගයෙනුත් IUI තාක්ෂණයෙනුත් දරැවෙකු හිමි කර ගන්න අපෝසත් නම් ඊටත් වඩා දියුණු තාක්ෂණික ක්‍රම වේදය තමයි නල දරැ තාක්ෂණය කියන්නෙ.

දරැ පිළිසිදීමක් ලබා ගැනීමට දැනට ලෝකෙ තියෙන දියුණුම තාක්ෂණය තමයි නලදරැ තාක්ෂණය කියන්නෙ. එහිදී සිදුවන්නෙ පුර්ෂයාගේ ශුක්‍රාණුත් කාන්තාවගේ ඩිම්බත් ශරීරයෙන් පිටතට ගෙන පරීක්ෂණාගාරය තුළ කලලයක් සාදලා නැවත කාන්තාවගේ ගර්භාශය තුලට එම කලලය ඇතුලත් කිරීම තමයි නල දරැ තාක්ෂණය කියලා කියන්නෙ.

නල දරැ තාක්ෂණයේදී අපි මුලින්ම කරන්නෙ ඩිම්බ මේරීම සදහා ඖෂධ ලබාදෙනවා. එම ඩිම්බ මනාව පරිණත වූ පසු Scan පරික්ෂාව සිදු කරලා ඒ පරීක්ෂණය අතරතුරේදී ඩිම්බ එළියට ගැනීම සිදු කරනවා. එම ඩිම්බ පුර්ෂයාගේ ශුක්‍රාණු සමග එකතු කරනවා. එම හදන කලලය Lab එක තුලදී වර්ධන මාධ්‍ය දාලා වර්ධනය වූ පසු සියුම් කැතීටරයක් පාවිච්චි කරලා යෝනි මාර්ගය තුලින් යවලා ගර්භාශය තුල ගර්භාශ ගත කිරීම සිදු කරනවා.

මෙම නල දරැ තාක්ෂණය වඩාත් යෝග්‍ය වන්නේ යම්කිසි කාන්තාවකට ස්වාභාවික සංසර්ගයෙනුත් IUI ප්‍රතිකාරයෙනුත් ගැබ් ගැනීමට අපොහොසත් නම් මේ සදහා යොමුවිය හැකිය.

නමුත් මෙම IVF ප්‍රතිකාරය ඉතා සංකීර්ණ ක්‍රමවේදයක් යටතේ සිදුවේ. නිතර කාන්තාවට නික්ෂේපණ දීමට සිදු වෙනවා ඩිම්බ මේරීම සදහා. එම කාන්තාව නිතර Scan පරික්ෂාව සිදු කල යුතු වෙනවා මෙම ඩිම්බ මේරීම සිදු වන ආකාරය බලා ගැනීමට. මේ ක්‍රමවේදය අධික මිලක් යන ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදයට බොහෝවිට යොමු කරන්නෙ ස්වාභාවික සංසර්ගයෙන්වත්, IUI මගින්වත් ගැබ් ගැනීම සිදු කල නොහැකි, විශේෂයෙන්ම නාලවල අවහිරතාවයක් ඇත්නම්, පුරැෂ ශුක්‍රාණු ඉතාම අල්ප නම්, කාන්තාවගේ ඩිම්බ මේරීමේ ප්‍රවනතාව අඩු නම්, කාන්තා ගර්භාශයේ විවිධ සංකුලතා තියෙන අවස්ථාවකදි මෙම IVF තාක්ෂණයට යොමු විය හැකිය.

නල දරැ තාක්ෂණය විවිධ ආකාරයට සිදු කල හැකිය. මෙම තාක්ෂණය මිල වැඩි නිසා මිල අඩු විදිහටත් මෙය සිදු කරන්න පුළුවන්. සමහර අවස්ථාවකදි තමන්ගේ ඩිම්බ සහ තමන්ගේ පුර්ෂයාගෙ ශුක්‍රාණු ගන්නවා වෙනුවට වෙනත් නල දරැ තාක්ෂණයේ පිහිට පතලා සාර්ථක ප්‍රතිඵල ලබපු කාන්තාවකුගේ හා පුර්ෂයෙකුගේ කලල , කලල බැංකුවෙන් ලබාගෙන සියුම් කැතීටරයක් භාවිතයෙන් තමන්ගේ කාන්තාවගේ ගර්භාශය තුල තැන්පත් කරීමෙන් ගැබ් ගැනීමක් සිදු කර ගන්නත් පුළුවන්.

ඒ වගේම තමන්ට අවශ්‍යය නම් තමන්ගේ ඩිම්බ වලින්ම ඩිම්බ එළියට අරගෙන පුර්ෂයාගේ ශුක්‍රාණු එකතු කරලා කලලයක් හදලා ඒ කලලය නැවත ගර්භාශය තුල තැන්පත් කරලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

මෙම නල දරැ තාක්ෂණයේදී නිතරම සාර්ථකත්වය රදා පවතින්නේ අපි පාවිච්චි කරන Lab එක, එහි තියෙන ගුණාත්මකභාවය, විශේෂඥ වෛදයවරයගේ තියෙන දක්ෂතාවය , කාන්තාවගේ ගර්භාශය හා ඩිම්බ වල තියෙන ගුණාත්මකබාවය සහ එහි සංකුලතා ,පුර්ෂයාගේ ශුක්‍රාණුවල තියෙන ගුණාත්මකබාවය විශේෂයෙන්ම කාන්තාවගේ වයස මේ සදහා බලපානවා.

දරැ සම්පත තමයි ලෝකෙ තියෙන උතුම්ම සම්පත. ස්වාභාවික සංසර්ගයෙනුත් නොහැකි නම්, IUI මගිනුත් නොහැකි නම්, IVF ක්‍රමයෙන් හරි කලලයක් සාදාගෙන උතුම්ම සම්පත වූ දරැ සම්පත ලබා ගන්න කියලා තමයි දැනුවත් කරන්නෙ.