දරු ගැබක් කුස තුල දරන ඔබ වැලකිය යුතු ආහාර

      1. අමු හෝ නොපිසු මස් මාලු


      බැක්ටීරියා ආසාදනවීමේ අවදානම: මෙමගින් සෛලම්නෙල්ලා (Salmonella), ලිස්ටීරියා (Listeria), සහ ඒ.කෝලී (E. coli) වැනි බැක්ටීරියා වලින් ආසාදනය වන විට එය ගර්භය ආසාදනය කර බරපතළ සංකූලතා ඇති කරවිය හැක.
      උදාහරණ වශයෙන් සුෂි, අඩුවෙන් හෝ නොපිසුණු මස්, සහ රත් නොකළ සොසේජස් කිව හැක.

      02. නොපිසූ කිරි ආශ්‍රිත නිෂ්පාදන

      රත් නොකළ කිරි සහ චීස් ලිස්ටීරියා සහ වෙනත් රෝගකර සෛල රැගෙන සිටිය හැක. එම නිසා නිතරම කිරි ආහාර ගන්න විට රත් කර හෝ හොදින් පිසූ අහාර පමණක් ගන්න.

      03. අධික රසදිය අඩංගු විශේෂ මත්ස්‍ය

      මත්ස්‍යයන්ගෙන් අධික රසදිය මට්ටම් මවු ගැබට බලපානවා. අධික රසදිය අඩංගු මත්ස්‍ය පරිභෝජනය සීමා කර ආරක්ෂිත විකල්ප වෙත අවධානය යොමු කරන්න.
      අධික රසදිය අඩංගු මත්ස්‍ය: තලපත්, කුම්බලාවා, මෝරා , කරවලයා.
      අඩු රසදිය මට්ටම් ඇති මාලු – සැමන්, තිලාපියා , කූනිස්සා සහ පොඩි මාලු

      04. අධික කැෆීන් පරිභෝජනය

      අධික කැෆීන් පරිභෝජනය අඩු බර උපත් හා ගබ්සා වීම් වලට හේතු වේ. කැෆීන් පරිභෝජනය දිනයකට මිලිග්‍රෑම් 200ක් දක්වා සීමා කරන්න. කැෆේන් අඩංගු ආහාර – කෝපි, තේ, කෝලා සහ ශක්ති ජනක පාන.

      05. නොසේදු හා අපිරිසිදු එළවලු

      පළතුරු සහ එළවළු රෝගකර සෛල සහ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආසාදනය වී තිබිය හැක. පරිභෝජනය කිරීමට පෙර එය නිසි ලෙස සේදීම නිතරම සිදුකරන්න.
      විශේෂයෙන් සලාද කොළ, පලා ජාති, නිවිති හා ඕනෑම පලතුරු ගෙඩියක් පිරිසිදු නොකර ආහාරයට ගැනීමෙන් වලකින්න.

      06. මත්පැන්

      මත්පැන් යනු කුමන අයුරකින් හෝ එතනෝල් අඩංගු දෙයකි. මෙයින් කලලයට කෙලින්ම හානිකර වෙන්න පුළුවන් කියලා තිබෙනවා. එය Fetal Alcohol Spectrum Disorders (FASD) ලෙස හදුන්වන්නත් පුළුවන්. එමෙන්ම ගැබිණි කාලයේදී කිසිම අයුරකින්වත් මත්පැන් ඉතා කුඩා ප්‍රමාණයක් හෝ භාවිතය හානිකර වෙනවා.

      07. ඇතැම් ඖෂධීය තේ සහ අතිරේක

      අපේ ගොඩක් අම්මලා ලස්සනට බලාගෙන green tea වගේ දේවල් තරුණ කාලයේදී බොන්න ඇති. සමහර ඖෂධීය තේ ගැබිණි භාවයට අහිතකර බලපෑම් ඇති කළ හැකිය. ඖෂධීය නිෂ්පාදන පරිභෝජනය කිරීමට පෙර සෑම විටම ඔබගේ VOG doctor සමඟ සාකච්ඡා කරන්න.
      උදාහරණ: chamomile වැනි ඖෂධීය තේ සහ ginseng වැනි අතිරේක. තවත් ඔබ පානය කරන දේවල් ගැන දැන ගන්න ඔබගේ VOG doctor හමුවී අසා දැන ගන්න.

      08. ඇතැම් ඖෂධීය තේ සහ අතිරේක

      ලංකාවේ ගොඩක් දෙනා අමු පැපොල් ආහාරයට ගන්නවා. නමුත් ඒවා ගැබිණි මවුවරුන්ට නම් හොද නැහැ. නොඉදුණු පැපොල් වල ගර්භාෂ සංකූලතා ඇති කළ හැකි කිරි අඩංගු වෙනවා. ඒවා ගබ්සා වීම් වලට හේතු වෙන්න පුළුවන්.

      නමුත් හොදින් ඉදුණු පැපොල් ආහාරයට ගැනීමට කිසිම බාධාවක් නැහැ.

      Leave a Reply

      Your email address will not be published. Required fields are marked *