මාස 6ක් මව් කිරෙන් පමණක් දරැවාව පෝෂණය කල ඔබට අමතර ආහාර ලබා දෙන්නේ කොහොමද , මොනවගේ ආහාර වලින් කවදටද අපි ආහාර ලබාදීම ආරාම්භ කරන්නෙ, මොනවද ආහාර ලබාදීමේ නිවැරදි ක්‍රම කියන ගැටළු සෑම දෙමපියෙක්ටම ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම අද අපි කතා කරන්නෙ නිවැරදිව කොහොමද අපි කෑම ලබාදීම ආරම්භ කරන්නෙ කියන එක ගැනයි.
ඔබේ දරැවාට මාස හයක් යන තුරැ මව් කිරි පමනක් දුන්නට පස්සෙ මව්කිරි වලින් ලැබෙන පෝෂණය ,ආරක්ෂාව ටික ටික අඩුවෙලා යනවා මොකද බබාගෙ වයසට සරිලන්න බබාට ලැබෙන පෝෂක කොටස් මදි. ඒ නිසා බබාට ආහාර ලබාදීම නිවැරදිව ආරම්භ කරන්න.
මාස හයට පෙර බාබාට කිසිම ආහාරයක් ලබා දෙන්න එපා. මොකද බබාගෙ බන්ඩිය හරිම පුංචි නිසා ඒ සදහා අල්ලන්නේ තේ හැදි දෙකක් තුනක් පමණයි. මෙය මව්කිරි වලින් පමණක් පිරවීම ප්‍රමාණවත්වේ. මීට අමතර ආහාරයක් ලබාදුන්නොත් වටිනා, බබාගේ පෝෂණයට සංවර්ධනයට අවශ්‍යය සියළුම දේ අඩංගු මව්කිරි ලබාදීමට නොහැකි වෙනවා. බබා බොහොම ආසාවෙන් අනෙක් ආහාර ලබා ගත්තට ඒකෙන් බබාට අත්වෙන වාසියක් නෑ.
මාස හයක් මව්කිරි දෙන බබාලගෙ බර ක්‍රමානුකූලව ඉහළටම ගමන් කරනවා. අමතර ආහාර ලබාදීමට පටන් ගත්තට පස්සෙ බබාගෙ බර වැඩිවීම අඩාල වෙන්න පුළුවන්. මේකට ප්‍රධාන හේතුව තමයි නිවැරදි ආහාර රටාවක් අනුගමනය නොකිරීම. විශේෂයෙන් බබාට කැද වර්ග, යුෂ වර්ග වැනි දියරමය ආහාර වලින් බබාට ආහාර ලබා දීම පටන් ගන්න කිසිසේත්ම සුදුසු නෑ. මොකද දරැවාගේ වර්ධන වේගය සහ බරද ඒ මගින් අඩුවිය හැක.
පුංචි සිඟිත්තන්ට ඕනි තරම් meal recipe ඕනි නම් , meal plan කර ගන්න ඕනි නම් අදම Baby care pro app එක download කර ගන්න.
කැබලි රහිත උකු බත් තලපයක් ලෙස ආහාර පටන් ගැනීම සුදුසුවේ. මේ විදිහට පටන් ගෙන ක්‍රමානුකූලව ආහාර බබාට පෝෂදායී ආහාර ලබා දීමෙන් අවුරැද්දක් ඇතුලතදී පවුලේ ආහාර රටාවට හුරැ කිරීම දක්වා එනවා. මේ වෙනකොට ගොඩක් දෙමව්පියන්ට තියෙන ගැටළුවක් තමයි දරැවා ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒකට හේතුව තමයි ගොඩක් දෙමව්පියන් දරැවන්ට බිස්කට්, පළතුරැ යුෂ වර්ග, ලබා දීමයි.
අපිට බඩගිනි දැනෙන්නෙ ඇයි? වැඩිහිටියෙක්ට උනත් ශරීරයෙ ඇති ග්ලූකෝස් ප්‍රමාණය අඩු උනාම බඩගිනි ඇතිවෙනවා. හොදට බලන්න අපිට තද බඩගින්නක් දැනුන වේලාවට ටොෆියක්, පැණිරස දෙයක් කෑවම අපිට ටික වෙලාවක් යනතුරු බඩගින්න දැනෙන්නෙ නෑ. දරැවාට ප්‍රධාන ආහාර වේල ලබා ගැනීමට ප්‍රථමව පැණිරස කෑම, කිරිපිටි, චොකලට් හෝ වෙනත් කෙටි ආහාර ලබාදීම මගින් ඔවුන්ගේ කුඩා කුස පිරී ප්‍රධාන ආහාරය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා.
දරැවාගේ ආහාරවේල දියුණු කිරීම සම්බන්ධයෙන් කතා කරද්දි දරැවාගේ ආහාර දීම පටන්ගෙන අනිවාර්යයෙන්ම මුල්දින කිහිපය තුල සත්වමය ආහාර, මේදමය කොටස්, එළවළු වර්ග, ධාන්‍යය වර්ග එකතු කරමින් විවිධත්වයකින් යුතුව දරැවාට ආහාර වේල් ලබා දෙන්න. එතකොට සතුටින් කෑම ලබාදෙන අම්ම කෙනෙක් වෙන්නත් ඔබට පුළුවන්.
ඔබට මෙය වැදගත් උනා කියලා හිතෙනවා නම් ඔබ වගේම අම්මලා තාත්තලා හැමකෙනෙක්ටම මෙම post එක share කරන්න අමතක කරන්න එපා. තවත් දවසක ඔබට වැදගත් වෙන දේ රැසක් සමග හමුවෙමු.









