ගංවතුරෙන් සහ වැස්සෙන් ඔබේ දරුවා ආරක්ෂා කර ගනිමු

අපි දන්නවා මේ කාලයේ වැස්ස හා ගැන වතුර වැඩි කියලා. ඉතින් ලෙඩ රෝග වගේම අනතුරු බොහොමයක් වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මේවාගෙන් වැළකිලා ඔබගේ දරුවා ආරක්ෂිතව හා නිරෝගිව තබා ගන්නේ කොහොමද කියලා.

1.⁠ ⁠සුරක්ෂිත ජලය පමණක් පානය කරන්න: ජලයෙන් බෝවන රෝග වළක්වා ගැනීම සඳහා අවම වශයෙන් විනාඩි 1 ක් වත් නටවා නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය භාවිතා කරන්න. ගංවතුරෙන් යටවුනු ලිං වලින් ජලය භාවිතා කිරීම හැකිතාක් අවම කරන්න.

2.⁠ ⁠මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම: ගංවතුර ජලයෙන් මදුරුවන් බෝවීම වැඩි විය හැක. එම නිසා තමන්ගේ නිවස අවට ජලය එකතු වී තිබිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කරන්න.


3.⁠ ⁠ආරක්ෂිත ඇඳුම් අඳින්න: ගංවතුර හරහා ගමන් කරන විට ලෙප්ටෝස්පයිරෝසිස් හෙවත් මී උණ වැනි ආසාදන වැලැක්වීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම රබර් බූට් සහ අත්වැසුම් පැළඳීමට උත්සාහ කරන්න. දරුවාට නිතරම තොප්පියක් හෝ ආවරණයක් පලන්දවිමට අමතක කරන්න එපා.


4.⁠ ⁠දරුවාගේ අත් සෝදන්න: විශේෂයෙන් ආහාර ගැනීමට හෝ ආහාර පිළියෙළ කිරීමට පෙර සබන් යොදා නිතරම අත් සෝදන්න.


5.⁠ ⁠ගංවතුරෙන් හානියට පත් ආහාර අනුභව නොකරන්න: ගංවතුරෙන් යටවුණු ්රදේශවල ඇති පලා වර්ග අනුභවය සහ ගංවතුරෙන් යටවූ ආහාර ඉවත දමන්න.


ඔබත් දරුවාත් පවුලේ සැමත් නිතරම අවධානයෙන් සිටීම වැදගත්. දරුවන් අපගේ එකම සම්පතයි. ඔවුන් රැක ගැනීම අපගේ වගකීමයි.