කන්න අකමැති බබාලට විසදුම් මෙන්න

ඔබත් බබා කන්නෙ නැති නිසා ආතතියට පත් උන මවක්ද? බහුතරයක් මව්වරැන් ඒ ගැන ඉන්නෙ කනස්සල්ලෙන් . පීඩනයක් නැතිව සතුටින් බබාට කෑම දෙන්න මෙහෙම කරලා බලන්න.

බබා මේ පිගානෙ තියෙන ඔක්කොම කන්න ඕනි කියලා හිතාගෙන නම් බබාට කවන්න ගන්නෙ බබා පළවෙනි වතාවටම කෑම ප්‍රතික්ෂේප කරන විට ඔබ මානසිකව වැටිලා ඉවරයි. ඔන්න ඔය වෙලාවෙදි බබාට බබාගෙ හිත කියන්න පුළුවන් “අම්මා මගෙ ඉස්සරහට වෙලා මාව නිරීක්ෂණය කරනකොට මට කන්න බෑ” කියලා.

මුලින්ම ඔබ සන්සුන් වෙන්න. බබා මොකද කරන්නෙ කියලා බලන්න. ඔබ බබාගෙ පැත්තකින් වාඩි වෙන්න. බබා කැමතිම දේවල් ගැන බබා එක්ක කතා කරන්න. කෑම ගැන නෙවෙයි. ඔබට තියෙන්නෙ සංසුන් පීඩනයකින් තොර වට පිටාවක් බබාට හදල දෙන එකයි. එතකොට බබා ටික ටික කන්න පටන් ගනීවි.

බබාට ඔයා තව කන්න අර බබා නම් ගොඩක් කනවා වගේ දේවල් කියනකොට බබාට කෑමයි අම්මවයි දෙකම එපා වෙනවා. දන්නවද ඒ පුංචි හිත් කියනවා “අම්මා මට බනිද්දි තරහ ගද්දි මට බය හිතෙනවා. මට දුකයි. මට කන්න බෑ” කියලා. අපිට ඒ හිත් කතා කරනවා ඇහෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට අම්මලා කරන්නෙ බබාට සැර කරලා බය කරලා කෑම ටික කවා ගන්න. නමුත් ඒකෙන් බබාට කෑම කන්න එපා වෙනවා.

ආහාර කන වෙලාව සංසුන් හා හරවත් කාලයක් බවට හරවා ගන්න. බබා කැමතිම යාළුවෙක් එක්ක සෙල්ලම් කරද්දි, TV බලද්දි දරැවට කෑම කන්න කතා කරාට දරැවා එන්නෙ නෑ. ඒ වෙලාවට ඔබ දරැවට කියනදේ ඇහැන්නෙත් නැති වෙයි. ඒ වගේ වෙලාවට දරැවගෙ හිත කියන්නෙ “අම්මෙ මං සෙල්ලම් කරන්න ගොඩක් ආසයි. මට තව ටිකක් සෙල්ලම් කරන්න ඕනි” ..

මුලින්ම ඔබ දරැවව ඒ කාර්යයෙන් ආදරයෙන් ඈත් කර ගන්න. බබා කෑමට එන්න කලින් TV, Phone off කරලා නිදහස් වටපිටාවක් හදන්න. ඔබේ දරැවට එකපාරටම සෙල්ලම්බඩු වලින් ඈත් වෙලා කෑමට එක්වෙන්න අමාරැයි නම් ඔබට පුළුවන් ආහාර ගැනීම සෙල්ලමක් විදිහට කරන්න. දරැවට අවශ්‍යය වන්නේ සතුටින් පිරැන කෑම මේසයක් පමණයි.

කෑම වෙලාවට කලින් ඔබ ඔබේ මනස හදා ගන්න. ඔබ ඔබටම මතක් කර ගන්න. දරැවට ආදරය සහ ආහාර සැපයීම තමයි මගේ කාර්යය. දරැවා දරැවාටම අනන්‍යය වූ ආකාරයයකින් වර්ධනය වීම ඔහුගෙ කාර්යය. සමහර දවස් තියේවි බබාගෙ බඩ පිරිලා තියෙන. එකම එක කෑම හැන්දක් විතරක් කන. ඒ කන එකම එක කෑම හැන්දට ආදරයත් පුරවලා කවන්න. ඔවුන්ට තවත් එක කෑම හැන්දක් කන්න එයින් ශක්තිය ලැබේවි.

ගොඩක් අම්මලට තියෙන ප්‍රෂ්නයක් තමයි මම හැම කෑම ජාතියක්ම දාලා පෝෂ්‍යදායක විදිහට කෑම හදලා දුන්නත් කෑවෙ නෑනෙ කියලා. නමුත් බබා තාම රස හැගීම් ඉගෙන ගනිමින් ඉන්නෙ. විශේෂයෙන්ම අවුරැදු 2ට අඩු බබාලා. බබා සියළුම පෝෂ්‍ය පදාර්ථ එකම ආහාර වේලකින් ගත්තෙ නැති උනාට එක් එක් පෝෂ්‍ය පපදාර්ථ එක් එක් ආහාරවේල් වලින් ගන්නවා වෙන්න පුළුවන්. බබාගෙ බර අඩුයි ඉක්මනින් වැඩි කර ගන්න ඕනි කියන මතය ඔළුවට දාගෙන අපි ආතතියට පත් උනාම බබා කන තරමවත් කන්නෙ නැතිවෙනවා. ඔවුන්ට කියන්න පුළුවන් නම් ඔවුන් මෙහෙම කියාවි “අම්මෙ මොනවද ඒ අලුත් කෑම. මං ඒ සුවදට කැමති නෑ. මං ඒ රසට කැමති නෑ”..

වැඩිහිටියො වගේම බබාලත් කැමති රසවල් අකමැති රසවල් තියෙනවා. මේවා අදුරගෙන ඔවුන්ට ඒවා ක්‍රමක් ක්‍රමයෙන් පුරැදු කරන්න ඕනි. අවුරැදු 3ට 4ට වැඩි බබෙක් ඔයාලට ඉන්නව නම් අහන්න පුළුවන් පුතා කන්න කැමති මොන කෑමද? මේ කෑම මොන විදිහට හැදුවොත් ද කන්න කැමති කියලා. ඔවුන් ඒවාට පිළිතුරු දේවි. එකම කෑම දිගටම දෙන්න ගියාමත් බබාලට එපා වෙනවා.

ඉතින් හොඳ meal plan එකක් තිය ගන්න එක ගොඩක් වැදගත්. අපේ Babycare pro app එක එකට ගොඩක් වැදගත් වෙයි අම්මලාට. බර අඩු බබාලට meal recipe වගේම meal plan calander එකකුත් Babycare pro app එකේ තියෙනවා.

ඉතිං බබා කන්නෙ නෑ කියලා දුක් වෙන්න එපා. ඔබේ සංසුන් බාවය ආදරය තුලින් බබාට කෑමට කැමැත්තක් ඇති වෙනවා. බබාලට ආහාර සැකසීම, ආහාර පිළිගැන්වීම සුන්දර කලාවක්.