ඔබේ දරැවත් සමහර වෙලාවට මොකක් හරි නුසුදුසු දෙයක් කරන්න එපා කිව්වොත් එය නැවත නැවත කරන අවස්තා හිටි හැටියේම එන්න ඇති. නැත්නම් බිම වැටි වැටි අඩන්න ඇති. තුන්වේලම කිසි කරදරයක් නැතිව කෑම කාපු ඔයාගෙ දරැවා එක පාරටම කෑම ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්න ඇති. තනියෙන් දේවල් කරන්න උත්සහ කරලා එසේ කර ගන්න බැරි උනාම දුකට හෝ අධික කෝපයට පත් උනාම ඔබේ දරැවත් අඩනවා ඇති. ඒ වගේ එක එක අම්මලා තාත්තලාට දරැවන්ගෙ එක එක වෙනස්කම් දකින්න ඇති.
ඒ වගේ වෙලාවට ඔයාලා එක හේතු හිතින් හිතනව ඇති අනේ දරැවට මොකද උනේ?කෑම කන්නෙ නැති නිසා එක එක පාටින් වෙනස් වෙනස් විදිහට කෑම හදනවා ඇති. එහෙම කරලත් කන්නෙ නැති උනාම දතේ කැක්කුමක්වත්ද කියලා හිතනවා ඇති නේද?
තවත් වෙලාවක ඔයාලා හිතනව ඇති අපි ආදරේ කරනවා මදි ඇති. දරැවත් එක්ක ඉන්න වෙලාව දරැවට මදි ඇති කියල හිතලා වෙනදට වඩා ආදරෙන් බබා එක්ක ඉන්නවා ඇති. බබා ආසයි කියල හිතන තැන් වලට Beach එකට Park එකට ඔයා එක්කන් යනවා ඇති. ඒත් වෙනසක් නැතිව ඇති.
හොදට හිටපු දරැවා වෙනස් උනේ ඇයි කියලා ඔයාලට හිතා ගන්න බැරිව ඇති. ඒකට හේතුව තමයි Terrible Twos. ඔයාලට දැන් ප්‍රෂ්න ගොඩක් හිතට එන්න ඇති.අපි එකින් එක බලමු මේ ගැන ඔයාල දැන ගන්න ඕනි විස්තර මොනවද? ඒ වගේ වෙලාවට ඔයාලට කරන්න පුළුවන් මොනවද කියලා.
මුලින්ම අපි බලමු terrible twos කියන්නේ මොකක්ද කියලා ![]()
අවුරැදු 1 1/2 සිට අවුරැදු 3 හෝ අවුරැදු 4 දක්වා කුඩා දරැවන් අත්විදින සාමාන්‍ය සංවර්ධන අවධියක් තමයි ඒක. ඒ කාලෙදි බොහෝ විට දරැවන් ඇඩීම, තරහ ගැනීම එහෙමත් නැත්නම් කලකිරීම් බහුල අවධියක්. බබාලගෙ අවුරැදු 1ත් අවුරැදු 3 අතර කාලය කියන්නෙ බබාලගෙ බුද්ධි වර්ධනය වගේම බබාලාගෙ ශරීරයත් වර්ධනය වෙන කාලයක්.
මේ කාලෙදි බබෙක් තමන් ඇවිදින්නෙ කොහොමද ? කතා කරන්නෙ කොහොමද ? හැගීම වගේම තමන්ගෙ අදහස් බෙදා ගන්නෙ කොහොමද? වගේ දෙවල් හිමින් හිමින් ඉගෙන ගන්නවා.
එයාලගෙ අවට පරිසරය පිලිබදව නිරීක්ෂණය කරන්න , සැලකිලිමත් වෙන්න වගේම එයාලට ඕනි විදිහට ඒ දේවල් හසුරවා ගන්නත් එයාලා උත්සහ ගන්නවා.මේක සාමාන්‍ය හා පොදු දෙයක්.
දැන් ඔයාලා ගොඩ දෙනෙක්ට එන ප්‍රෂ්නයක් තමයි මේ ප්‍රෂ්න පටන් ගන්නෙ කොහෙන්ද කියලා. දැන් අපි බලමු ඒකට විසදුම. ![]()
මේ වයසේදී බබාලගේ කතන හැකියාව සම්පූර්ණයෙන්ම නැති නිසා බබාලට නිවැරදිව අදහස් ප්‍රකාශ කරන්නත් මනසේ ඇතිවෙන සිතුවිලි හරියාකාරව හසුරවාගන්නත් අපහසුයි. බබාලා ඒ දේවල් හරියට හසුර ගන්න අවශ්‍යය ඉවසීම ප්‍රගුන කරලා නෑ.
ඉතිං ඒ වගේ වෙලාවට බබා ගොඩක් කලකිරෙනවා. ඊට පස්සෙ දරැවා තරහා අරගෙන ඒ තරහව පිට කිරීමට දරන වෑයම තමයි දරුවාගේ විවිධ හැසිරීම් තුලින් අපි දකින්නෙ .
මේ වයසේ දරුවන් ලෝකය දකින්නේ කලු සහ සුදු විදිහට . ආදරය සහ අකමැත්ත විදිහට. මෙය ප්‍රකාශ කරන්නට යාමේදී නිසිලෙස අදහස් හසුරුවා ගැනීමට දරැවට නොහැකි නිසා කලබලයට හා කලකිරීමට පත් වෙනවා. ඉන්පසු දරැවාකලහාකාරි ලෙස හැසිරෙන්න පටන් ගන්නවා. Temper tantrum කියලා අපි කියන්නේ මේ දේට තමයි. දවසට කීප වරක් බිම පෙරලීලා අඩලා, කෑ ගහලා , මෙන්න මේ විදිහට දරැවා හැගීම් පිට කරනවා.
අපි බලමු මේ අවදියේදි ඔයාලට මොනවද කරන්න පුළුවන් කියලා

බබා මුරණ්ඩු වෙලා හැසිරෙන කොට තරහ අරන් ක්‍රියා කරන කොට මුලින්ම ඔයාලා කරන්න ඕනි හොදින් සන්සුන් වෙන එක. ඒ වගේ වෙලාවක ඒක කරන්න අමාරැ වෙන්න පුළුවන්. ඒත් එහෙම නොකර ඔයාලත් තරහ අරගෙන ක්‍රියා කලොත් බබාට තවත් තරහ ගන්නවා.
මේ වෙලාවට ගොඩක් බබාලා කරන්නෙ අඩන එක. එතකොට බබාට අඩන්න දීලා ඔයාලා බලන් ඉන්න. ඔයාල අඩන එක නවත්තන්න හෝ බාධා කරන්න ගියොත් ඇඩීම වැඩි වෙනවා. ඇඩීම යම් තාක් දුරකට අඩු උනාම ඔයාලා බබාගෙ ලගට යන්න.ඊට පස්සෙ එයාව ගොඩක් ආදරෙන් තුරැල් කර ගන්න.
හිතමුකො බබා අඩන්නෙ මොනව හරි අනවශ්‍ය දෙයක් ඉල්ලලා කියලා.මතක තියා ගන්න එයාගෙ ඇඩීම නවත්තන්න කියලා කීයටවත් ඒ දේ දෙන්න එපා. ගොඩාක් අම්මලා කරන වැරැද්දක් තමයි එක නවත්වන්න බබා ඉල්ලපු දේ දෙනවා. ඒකෙන් වෙන්නෙ ඊලග දවසෙත් එයා අඩනවා බබාට ඕනි දේ ලැබෙනකන්.
බබා ඇඩීම නැවැත්තුවාම අම්මා ලගට අරගෙන ඔයාලා බොහෝම ආදරෙන් සහ මෘදු විදිහට බබාට හැමදේම තේරැම් කරන්න. බබා ඇඩුවෙ කෑම ප්‍රතික්ෂේප කරලා කියලා හිතමුකො. එතකොට ඔයාලා බබාට තේරැම් කරන්න කෑම කෑවොත් තමයි එයා ආස දෙවල් කරන්න ඉක්මනට ලොකු වෙන්න පුළුවන් කියලා.
එයා හොද බබෙක් කියන්න. මේ වගේ නෝටි උනාම අම්මගෙ හිත හොදටම රිදෙනවා කියන්න. බබාගෙන් සොරි කියන වචනය බලාපොරොත්තු වෙන බව ඔයා බබාට අගවන්න. බබා ඔයාට සොරි කිව්වාම ඔයා එයාට tight hug එකක් දෙන්න.
කුඩා දරුවනට සමාවෙන්න sorry කියන වචනයේ තේරුම නිවැරදිව ගලපා ගන්නට නොහැකි නමුත් , ඔවුන්ගේ අතින් වරදක් වෙන සෑම විටම නොපැකිලව සමාව ඉල්ලීමට පුරුදු කරන්න.
Toy එකක් හෝ sweet එකක් එයා අනිත් අය එක්ක බෙදා ගැනීම ප්‍රතික්ෂේප කරනා වෙලාවට ඔයා එයා ඉදිරියේ බබාට example එකක් වෙන්න. බබාගේ චොක්ලට් එකින් තීරුවක් තාත්තා ඉල්ලන්කොට බෑ කිව්වොත් අම්මා අම්මාගෙ එකින් කෑල්ලක් බබාගෙ තාත්තට දෙන්න . ඒ වෙලාවට බබාගෙ තාත්තා thanks කරලා අම්මව අගය කරන්න. ඒක දකින දරැවා තාත්තට එයාගෙ එකින් කෑල්ලක් ඉක්කමනට දෙනවා . බබාටත් ඒ අගය කිරීම අවශය නිසා. ඒ වෙලාවට ඔයාලා දරැවව ගොඩාක් අගය කරන්න.
බබා සෙල්ලම් බඩු අනිත් අය එක්ක බෙදා ගන්න අකමැති නම් බබාගෙ ආත්ම අභිමානය නැති නොවෙන විදිහට ඔයාලා”පුතේ ඔයාගේ බෝනික්කා අපි නන්ගී එක්ක බෙදාගමුද ? ” වගේ මෘදුවට කියන්න.
සහයෝගයෙන් අනිත් දරුවන් සමග සෙල්ලම් කිරීම ගැවසීම ඔබේ දරුවා ප්‍රතික්ෂේප කරනවානම් ආවේගශීලියිව කලහාකාරි ලෙස හැසිරෙනවානම් දරුවාව එතනින් ඉවතට ගන්න. අන් අය ඉදිරියේ දරුවාට බැනවදින්නට පහර දෙන්නට එපා. දරුවාව පැත්තට ගෙන ගොස් මේ හැසිරීම් ඔබ හා අන්අය අනුමත නොකරන බව තේරුම කරන්න.
දරුවා ඔබට ඇහුම්කම් දී සාමාන්‍ය ලෙස සෙල්ලම් කරන්න එකතු උනාම ඔහුව අගය කරන්න ස්තූති කරන්න අමතක කරන්න එපා. නැවත නැවත මේ හැසිරීම මතු උනොත් ඇයි මේ ලමයාට මම කියන දේවල් මතක නැත්තේ හෝ හොද හෝ නරක තේරුම් නොගන්නේ යැයි බැන වදින්නට එපා. ඇත්තටම කුඩා දරුවන්ට අපි කියන දේවල් එකපාර මතක තබා ගන්නට බැහැ.
ඔබේ පව්ලට තව දරුවෙක් එකතු වෙන්න ඉන්නවා නම් ඊට කලින් වැඩිමහල් දරුවාට sharing උගන්වන්න. දෙවෙනි බබා ලැබෙන්න කලින් සූදානම් වී සිටීම ඉතාමත් ප්‍රතිපල සහිත, වටිනා දෙයක්. බබා කැමති නන්ගී කෙනෙක්ටද මල්ලී කෙනෙක්ටද කියලා අහනවාට වඩා හොද ඊලගට එන්නේ පුතාද දුවද යන්න දැනගෙන වැඩිමහල් දරුවා සමග කතා කිරීමයි.
අම්මීගේ බඩේ ඉන්න ඔයාගේ නංගිට අපි මොනාද අරන් තියන්නේ? එයා කොතනද අපි නිදි කරගන්නේ ?ශොපින් යන වෙලාවට නම් එයාටත් ඇදුමක් අරගෙන දැන් අපි නංගිටත් එකක් ගමු නේද ? ඔයාට පුලුවන්ද මට එකක් තෝරා ගන්න උදව් කරන්න . ඔයාගේ මේ පොඩි ටෝයිස් ටිකක් අපි නන්ගීට හරි මල්ලීට හරි දෙමු නේද. ඔයාට අපි අලුත් එකක් ගමු. බබාගේ හැම උදව්වකදිම ස්තූති කරන්න. බබාගෙ උදව්ව නිසා අම්මාට කොයිතරම් ලේසිද ? වගේ දේවල් කිව්වම ලොකු බබාට ඉදිරියට නිවසේ ඇතිවෙන පරිසරය වෙනස් වීමේදී ඇති කරන පීඩනය අවම කරන්න උදව් වෙනවා.
නිතරම බබාලට යමක් තේරුම කිරීමේදී ඉතාමත් සරළව සහ කෙටියෙන් ඔබේ අදහස ඉදිරිපත් කරන්න. සහයෝගය සමගිය ගැන කියවෙන කතන්දර පොත් ලමා චිත්‍රපට කියවන්න සහ නරබන්න දෙන්න.යමක් පැහැදිලි කිරීමේදී එයා වඩා ප්‍රායෝගිකයි.
මේ කාලය තුලදී නිදහස සහ එහි සීමාව කොතනද යන්න බබාට හෙමින් හුරු පුරුදු කරන්න. ඇත්තටම මේ බබාලට නිදහසට සීමවක් පනවන්න ඕනෙ මොකද අනතුරු වලින් වලක්වා ගන්නට, ජිවිතය සමබරව පවත්වාගෙන යන්නට, සමාජයට අනුගත වෙන්න සීමාවන් පැන්වීම අතයවශයයි.
උදාහරණයක් විදිහට පාරේ යනකොට වැඩිහිටියන් අතින් අල්ලනවාට පොඩ්ඩෝ හරි අකමැතියි. නමුත් අනතුරක් වීම වලක්වා ගන්න දරුවාගේ අත් අල්ලාගෙන ගමන් කිරීම වැදගත් බව දරුවාට තේරුම් කරල දෙන්න. දරුවා ප්‍රතික්ෂේප කරන හැමවිටදී ඔබ එය වටහා දෙන්න. නුසුදුසු හැසිරීම් සමාජය අනුමත නොකරන බවත් එයින් අපට වෙන හානිය සරලව දරුවාට නිතරම පැහැදිලි කරන්න.
දරුවාගේ නින්ද සහ ලැබෙන පෝශනය මේ සියලු දේ සදහා බලපාන බව ඔබ දන්නවද? කුඩා දරුවන් වෙහෙස මහන්සිය දැනුන වෙලාවට එය පිට කිරීමට ඇඩීමත් කලකිරීමත් , කාලහාකාරී ලෙස හැසිරීමත් සිදු කරනවා. දෙමාපියන් ලෙස දරුවාගේ කාල සටහන හදුනාගෙන සිටීම මෙවැනි හැසිරීම් අවම කිරීමටත් ඇති වීම වලක්වා ගැනීමටත් උපකාරී වෙනවා.
හැකි සෑම විටම දරුවාට නියමිත වෙලාවට ආහාර ලබා දීමට උත්සාහ කරන්න.මෙය දරුවාගේ දහවල් නින්දටත් රෑ නින්දටත් බලපානවා. මේ තුලින් දරුවාට වෙහෙස් මහන්සිය බඩගින්න දැනෙන වෙලාවල් පිලිබද දළ අදහසක් ගන්න පුලුවන්. ඒ වගේම දරුවාට සමබල අහාර වේලක් ලබා දීමට උත්සාහ කරන්න.
මේ වයසේ දරුවන් බොහෝ විට එකම හෝ සීමිත ආහාර වර්ගයකට පුරුදු වීම සාමාන්‍යයි. මෙය ක්‍රමයෙන් වෙනස් වෙන අතර අහාර රටාව වෙනස් කිරීමේදී එය දරුවාට නොදැනෙන වෙනස් කිරීමට වග බලා ගන්න.
කෑම එකේ presentation එකත් වැදගත්.Food arts වලට උදාහරණ ඇතිතරම් අන්තර්ජාලය හරහා හොයා ගන්න පුලුවන්. ලස්සන කෑම පිගානක් කෑම රුචිය වැඩි කරනවා. අඩුම තරමේ දවසට එක වරක් වත් පවුලක් ලෙස එකට කෑම ගැනීම දරුවාට හොද අහාර පුරුදු හුරු වීමට උපකාරී වෙනවා.
කාලයත් සමග දරුවන්ගේ අදහස් ප්‍රකාශ කීරීමේ හැකියාව දියුනු උනාම මේ හැසිරීම් ක්‍රමයෙන් අඩු වී වෙනවා . තමන්ගේ සිතිවිලි පාලනය කර ගෙන සමාජයට එකතු වෙන්න ඔවුන් පුරුදු වෙනවා.
**මේ හැසිරීම් ඔබට පාලනය කල නොහැකි ලෙස වැඩි උනොත් , දරුවා අන් අයට ගසන්නට , හපන්නට පහර දෙන්නට හෝ තමන්ටම රිදවා ගැනීමට හදනවානම් , යතා තත්වයට පත් වෙන්නට බොහෝ කාලයක් ගත වෙනවානම් අනිවාර්යයෙන්ම ඩොක්ටර් කෙනක්ගෙන් උපදෙස් ගන්න.
දෙමාපියන් විදිහට අපට කලහැකි හොදම දෙය ඔවුනට නිදහසේ වැඩෙන්නට සුදුසු පරිසරයක් ඔවුන් වටා නිර්මාණය කර දීමයි. ඔබේ ආදරය නිරතුරුවම ඔවුනට ලබා දෙන්න.අවශය සැම විටම ඔබේ රැකවරණය දරුවාට ලැබෙන බව පහදන්න. ඔවුන් ලමා කාලය තුල මේ හුරතල් අවදිය තුල සැමදා රැදෙන්නේ නේ නැහැ. ඒ නිසා මේ කාලය දරුවාත් සමග විදින්න .
— උපුටා ගැනීමකි. අයිතිය මුල් හිමි කරු සතු වේ. —









