Anomaly Scan කියන්නෙ මොකක්ද?

මෙම පරීක්ෂණය ගර්භණීය කාන්තාවන්ට කුමන අවස්ථාවකදීද කල යුක්තේ ? කියන දේ තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

ගර්භණීය කාලයේදී විවිධ Scan වර්ග සිදු කරනවා. මුල් කාලයේදී බබා හොදද නැද්ද , ගර්භාෂය තුලද පිටතද කලලය පිහිටන්නෙ, බබාගෙ අඩු පාඩු තියෙනවද යන්න විවිධ Scan වලින් බලා ගන්නවා. Anomaly Scan කියන්නෙ යම් කාන්තාවකගේ කලලයේ අඩුපාඩු තියෙනවද කියලා බලන Scan එකකි. ගර්භණීය භාවයට පත් වෙලා සති විස්සකින් විතර මෙය සිදු කරනවා. එතකොට තමයි මේ අඩු පාඩු පේන්න පටන් ගන්නේ. මේ සදහා පුහුණුව තියෙන විශේෂ වෛද්‍යවරුන් ඉන්නවා. මේ සදහා පැය භාගයකට ආසන්න කාලයක් ගතවෙයි. මෙයින් බබාට හා මවට කිසිදු හානියක් සිදු නොවේ. බබාගෙ ශරීරය සවිස්තරාත්මකව පරික්ෂාවට ලක් කරනවා. බබාගේ හෘද වස්තුව පරික්ෂා කල හැක්කේ සති විසිහතරකින් පමණවේ.

Scan කිරීම කියන්නෙ යම්කිසි තාක්ෂණයක දියුණුවකි. මෙම තාක්ෂණයෙ සියලුමදේ හදුනා ගත නොහැකිය. Anomaly Scan එකකට ගොඩක් වියදම් කරලා පැය භාගයක් වගේ කාලය වැය කරලා අති දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් විසින් සිදු කලත් සියලුම අඩු පාඩු හදුනා ගත නොහැකිය. උදාහරණයක් ගත්තම බබෙක්ට ඇස් පේනවද නැද්ද් කියන දේ යන්ත්‍රයකින් බලන්න බෑ. ඒක බලන්න පුළුවන් බබා ඉපදුනාට පස්සෙ. අවිදිනවද බලන්න පුළුවන් ඇවිදින කාලෙදි.

අද වනවිට සියලුම මව්වරුන් මේ Scan එකට යොමුවීමට පෙළඹී ඇත. නමුත් අවදානමක් ඇති මව්වරුන් පමණක් මෙම පරීක්ෂණය සිදු කිරීම ප්‍රමාණවත් වේ. මෙම පරීක්ෂණය සිදු කිරීමෙන් පරීක්ෂණය සාමාන්‍යයයි කීවත් ඇතැම් ගැටළු මෙම පරීක්ෂණයෙන් හදුනා ගත නොහැකිය.

Anomaly Scan එකේ වාසි අවාසි ගැන අපි දැන් කතා කරමු. යම් කාන්තාවකට කලින් අඩු පාඩු සහිත බබාලා ඉපදී ඇති නම් මෙම පරීක්ෂණය සිදු කර ගත හැකිය. දියවැඩියාව ඇති අයෙකු, නැතිනම් යම් ඖෂධ ලබා ගන්නා අයෙකු ඇති නම් යම් අඩුපාඩු සහිත බබෙක් ඉපදෙනවද බලන්න තමයි මෙම පරීක්ෂණය සිදු කරන්නෙ. එහීදී යම් යම් අඩු පාඩු හදුනා ගතහොත් ඒ සදහා පිළියම් යෙදිය හැකිය. උදාහරණයක් විදිහට බබාගේ වතුර මට්ටම වැඩි නම් අයින් කරන්න පුළුවන්. ඒ වගේ යම් යම් ගැටළු ඇති නම් ඒ සදහා ප්‍රතිකාර කරන්න පුළුවන්.

මෙහිදී ඇතිවෙන අවාසි තමයි කොහොමත් බබා බඩේදිම මියයන තත්ත්වයක් ඇතිනම් ඒ සදහා ප්‍රතිකාර නෑ. බඩේදිම මිය යෑමට ඉඩහැරිය යුතුය. ඒ වගේ අවස්ථාවකදී මවට එය ලොකු මානසික පීඩනයකි. සති විස්සෙ ඉදන් බබා හම්බෙනකන් නීතියෙන් ඒ බබා නැති කරන්න බෑ. මවට යම් හානියක් වෙනවා නම් පම්ණයි කලලය බඩෙන් අයින් කරන්නෙ.