ගර්භණීය සමයේදී පළමු මාස තුන ඇතුලත සිදුවන රැධිරය වහනය වීම් ගැන දැනුවත් කිරීමට තමයි අද අපි බලාපොරොත්තු වෙන්නෙ. මේ ලේ යන එක ගොඩක් මව්වරැ තැති ගන්නා කාරණයක්. මුලින් අපි බලමු මොන වගේ අවස්ථාවලද ලේ යන්න පුළුවන් කියලා.
ලේ ගැලීමක් සිදුවන කාලය සහ ලේ ගැලීමක් සිදුවන ප්‍රමාණය ඉතා වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මුල් සති 6-7 ඇතුලත චූටි ලේ වහනයක් ඇති වීම බොහෝදුරට සාමාන්‍ය දෙයක්. කලලයක් ගර්භාෂය තුල කිදා බැසීමක් සිදුවන විට ගර්භාෂයේ ඇතුල බිත්තියට යම් තුවාලයක් සිදුවෙනවා. මේ තුවාලයෙන් ලේ ටිකක් ගැලීම සාමාන්‍ය දෙයක්.
අනිත් අතට ලේ යෑම Miscarriage එකක් වෙන්නත් පුළුවන්. මෙවැනි විටක පොඩි ලේ ගැලීමක් නෙවෙයි සිදුවෙන්නෙ. මුලින්ම පොඩ්ඩ පොඩ්ඩ ලේ ගැලීමකින් තමයි පටන් ගන්නෙ. ඒක එන්න එන්න වැඩිවීමක් සිදුවෙනවා. කලින් සදහන් කල තත්වයේදී නම් අඩුවීමක් තමයි වෙන්නෙ.
මෙහිදී මතක තියා ගත යුතු වැදගත් දෙය තමයි බබා නැතිවෙන වෙලාවෙදි නෙවෙයි ලේ එන්නෙ. ගොඩක් අය හිතනවා ඉක්මනින් වෛද්‍යවරයා හමු වුනහොත් බබාව ආරක්ෂා කර ගන්න පුළුවන් කියලා. එහෙම දෙයක් නෑ. සාමාන්‍යයෙන් ගබ්සාවීමකදී ලේ යන්න පටන් ගන්නෙ බබා නැති වෙලා යම් කාලය ගෙවුනට පසුවයි. අඩුම ගානෙ සතියක් එකාමාරකට පසුවයි. ඇගට දැන ගත්තට පස්සෙ හෝමෝන ප්‍රතික්‍රියාව වෙනස් වෙලා තමයි ලේ ගැලීම පටන් ගන්නෙ පොඩ්ඩ පොඩ්ඩ.
ඊලඟට අපි අවධානය යොමු කරන්න ඕනි කාරණා දෙකක් තියෙනවා . නල දෙකක් හරහා තමයි මෙන්නමේ බිත්තරේ ගර්භාෂයට එන්නෙ. යම්කිසි හිරවීමක් සිදුවුනහොත් මේ නලයේ බබා පැලවෙන්න පුළුවනි. මෙයට අපි කියනවා Ectopic Pregnancy එකක් කියලා. මෙය ඉතා භායානක තත්ත්වයක්. මෙම නලයේ හට ගන්නා ගර්භණීය භාවය පිපුරැවහොත් මේ ලේ යාම නවතින්නෙ නෑ බඩ ඇතුලේ. මේ ලේයාම වැඩි වෙලා වැඩි වෙලා හෘද ස්පන්දය නැති වෙනකන් ලේ යන්න පුළුවනි. මොකද මේ ලේ යෑම නවතින්නෙ නෑ. සංකෝචනය වෙන්න මස් පිඩුවක් නෑ මේ නලයේ.
Ectopic Pregnancy සිදුවන අවස්ථාවේදීත් ගර්භාෂ බිත්තිය අසමතුලිත තාවයට පත් වෙනවා හෝමෝන වෙනස්කමක් නිසා. එතකොටත් ඔබට ලේ යෑමක් එන්න පුළුවන්. මේක භයානක තත්ත්වයක් . බඩේ පැත්තකින් රිදීමක් සමග ලේ යනව නම් මේක Red flag එකක් වනනවා ඔයා ඉක්මනින් වෛද්‍යවරයා හමුවන්න කියලා.
තවත් දෙයක් වෙන්න පුළුවන් molar pregnancy කියලා. ගර්භණීය භාවයක් තමයි. හැබැයි වැදෑමහ විතරයි හැදෙන්නෙ. දරැවාගේ කොටස් හැදෙන්නෙ නෑ. මේක ගර්භණීය භාවයක සංකුලතාවයක්. මේක පිළිකා තත්ත්වයක් දක්වා වැඩිවෙන්න පුළුවන්.
මේ වගේ අවස්ථාවකදී වැදෑමහ විතරක් ටිකෙන් ටික වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සෙ ටික ටික ලේ යනවා. මේ වගේ ගොඩක් හේතු නිසා පළවෙනි ත්‍රෛමාසිකය ඇතුලත ලේ යන්න පුළුවන්.
මේ විදිහට රැධිරය වහනය වීමක් උනාම ඔබ ගොඩක් වෙලාවට බය වෙනවා. මේ වගේ වෙලාවට ඔයාලා කරන්න ඕනි රැධිරය ටිකක් හරි යනවා නම් ඔබ Pad එකක් ඇද ගන්න ඕනි. කොච්චර යනවද ප්‍රශ්නයක් තියනවද කියලා බලා ගන්න.
අනිත්දේ තමයි ඔබට වමනය ක්ලාන්තය කැරකිල්ල එක්ක ලේ යාමක් තියෙනවා නම් ගර්භණීය භාවය හින්දා කලලය පැලවීමක් හින්දා සිදුවෙන ලේ යාමක් වෙන්න පුළුවන්. ඔබට කිසිම ගර්භණීය භාවය සම්බන්ධ වේදනාවක් නැතිව ලේ යාමක් වෙනවා නම් ඔබට ගබ්සාවක් සිදුවෙලා තියෙන්න පුළුවන්.
මුලින්ම ඔයා කතා කරන්න ඕනි පවුල් සෞඛ්‍යය සේවිකාවට. එයා බොහෝදුරට කියන්නෙ ඉස්පිරිතාලෙට යන්න කියලා. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නය තමයි ඒ වෙලාවෙම ඉස්පිරිතාලෙට යන්න ඕනිද කියන දේ ගැන. එහෙම හදීසියට දුවන් එන්න ඕනි නෑ. විශේෂයෙන් ඔබට පැත්තක කැක්කුමක් එක්ක ලේ යන්න පටන් අරගෙන දරාගන්න බැරි තරම් කැක්කුමක් එනවා නම් නලයක බබෙක් හැදිලා පුපුරන්න ඔන්න මෙන්න වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදි නම් කාටවත් කතා කර කර ඉන්න එපා පුළුවන් ඉක්මනින් රෝහලකට යන්න ඕනි.
එසේ නැති නම් අනිත් අවස්ථාවලදි ඔබට ඔබේ වෙලාව අරගෙන වෛද්‍යවරයා හමු විය හැකිය.
ගොඩක් අම්මලා අහන දෙයක් තමයි මට Miscarriage එකක් වෙන්නයි යන්නෙ Injection එකක් ගහලා ඒක වලක්වා ගන්න බැරිද කියලා. මොනව හරි බෙහෙත් දීලා වලක්වා ගන්න පුළුවන්ද කියලා. බබා පැලවෙන අවස්ථාවකදි බෙහෙත් කරන්න අවශ්‍යයතාවයක් නෑ. ඒ වගේ අවස්ථාවකදි බබා හොද නිසානෙ පැලවෙන්නෙ. එවැනි අවස්ථාවකදි ගර්භණීය භාවය දිගටම යනවා.
මේක Miscarriage එකක් කියලා හිතමු. මෙවැනි විටක කිසිම දෙයකින් ඒක වලක්වන්න බෑ. ලේ යන අවස්ථාවකදි අපි ඉස්සෙල්ලම Scan කරලා බලනවා. ඒ Scan එකේ ඔබේ දරැවා ප්‍රාණවත්ව ඉන්නව නම් මේ විදිහට ලේ ගිහිල්ලා බබා නැතිවෙන්න අවස්ථාවක් තියෙනවා කියලා වෛද්‍යවරයා හිතුවොත් එයාට පුළුවන් Projestron කියන හෝමෝනය ඔබට ලබා දෙන්න. මේක ලබා දෙන්න පුළුවන් ක්‍රම 3යි.
1. පානය කිරීමට ලබා දීම
2. ගුද මාර්ගයට හෝ යෝනි මාර්ගයට දැමීම
3. Injection එකක් විදිහට ඔබට දෙන්න පුළුවන්.
මේ තුනෙන්ම එකම දේ තමයි සිද්ද වෙන්නෙ. මේකෙන් බබා Miscarriage එකක් වෙලා නෑ. වෙන්න යන අවස්ථාවකදි පාවිච්චි කරන්න පුළුවන් බෙහෙත් තුනක්.
පෙර ගර්භණීය තත්ත්වයකදී මේ හෝමෝනය අඩුයි කියල දැනගෙන හිටිය නම් ඒ හෝමෝනය ගන්න එක වටිනවා. නැතිනම් තේරැමක් නෑ නිකන් මේ බෙහෙත ලබා ගැනීම.
තවත් සුළු කාණ්ඩයක් ඉන්නවා රැධිරය කැට ගැසීම නිසා බබාලා නැතිවෙන. මේ අයට ගොඩක් වෙලාවට ඇස්ප්‍රීන් කියලා බෙහෙතක් දෙනවා. මෙය Miscarriage උන අවස්ථාවකදි වැදගත් වෙන්නෙ නෑ.හැබැයි ඉදිරි ගර්භණීය භාවයකදී ඇස්ප්‍රීන් කියන පෙත්ත දීමට පටන් ගැනීමේදී බබාගේ හෘද ස්පන්දය නැවතීම වලක්වා ගන්න පුළුවන්. හැබැයි මේක Pregnancy උන ගමන් Heart Beat එක ආපු ගමන් පටන් ගන්න ඕනි. මැද්දෙන් හෝ අවසානයෙන් පටන් ගැනීම තේරැමක් නෑ මේ වගේ අවස්ථාවකදි .
මේවා තමයි පාවිච්චි කරන්න ඕනි බෙහෙත්. මේවා හිතලා තමයි පටන් ගන්න ඕනි. අනවශ්‍ය විදිහට පටන් ගැනීමෙන් ලොකු වෙනසක් වෙන්නෙ නෑ.
ලේ යෑම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන්. මෙවැනි අවස්ථාවකදි කලබල වෙන්න ඕනි නෑ. පවුල් සෞඛ්‍යය සේවිකාව හෝ වෛද්‍යවරයා දැනුවත් කරලා ලොකු කැක්කුමක් තියෙනවා නම් ක්ලාන්තය කැරකිල්ල වමනය එනව නම්, සුදුමැලි වෙලා නම් ඉක්මනින් රෝහලට යන්න ඕනි.
එහෙම නැතිව ටික ටික ලේ යනවා නම් යන්තම් යටිබඩ කොරවීමක් පමණක් නම් තියෙන්නෙ හිමින් වෛද්‍යවරයා හමුවන්න.
මතක තියා ගන්න හැම වෙලාවකදීම මේ බෙහෙත් ගන්න ඕනි වෛද්‍යවරයෙකුගේ අනුදැනුම මත බව.
ඔබට මෙය වැදගත් උනා කියලා හිතෙනවා නම් ඔබ වගේම අම්මලා තාත්තලා හැමකෙනෙක්ටම මෙම post එක share කරන්න අමතක කරන්න එපා. තවත් දවසක ඔබට වැදගත් වෙන දේ රැසක් සමග හමුවෙමු.
මේ වගේ වැදගත් ලිපි අපේ Babycare pro app එකෙනුත් බලාගන්න පුළුවන්. අදම app එක download කර ගන්න.









