ගැබිණි සමයේ ඔබ ලබා ගතයුතු විටමින්

ගර්භණීය සමයේ ඔබ ලබා ගතයුතු විටමින් (Vitamins ) වර්ග මොනවද සහ ඒවා ලබා ගැනීමේ වැදගත්කම කුමක්ද කියන එක ගැන තමයි අද අපි දැනුවත් කරන්නෙ.

මවකගෙ කුසේ ඇති කලලය වර්ධනය වීමට සමාන්‍යය ප්‍රමාණයට වඩා කලලය වර්ධනයට අවශ්‍යය අමටතර පෝෂ්‍යය පදාර්ථ මවට ලබා දිය යුතුය. මෙහිදී වැදගත්ම දෙය ෆෝලික් අම්ලයි. කාන්තාවකට ෆෝලික් අම්ලය ලබා දීම ආරම්භ කරන්නෙ දරැ ප්‍රසූතියක් බලාපොරොත්තු වීමට මාස තුනකට පෙර සිටයි.

ෆෝලික් අම්ලයෙන් සිදු කරන්නේ සෛල බෙදෙන ගතිය වැඩි කරන එක. කලලයක් හැදෙනකොට ඒ යුක්තානුවේ සෛල බෙදීමට අවශ්‍ය වන පහසුකම් සැලසීම තමයි ෆෝලික් අම්ලයෙන් සිදු කරන්නෙ. මෙය කුඩා පෙත්තකි. දිනකට කුමන හෝ වෙලාවකදී (උදේ,දවල්,රාත්‍රී) මෙයින් එක පෙත්තක් ලබා ගත යුතුයි. ෆෝලික් අම්ලය දිනපතා ලබා ගෙන තිබීමේ වැදගත්කම තමයි යම්කිසි අවස්ථාවකදී එම කාන්තාව ගර්භණීය බාවයට පත්වෙන විට එම කාන්තාවගේ රැධිරයේ මනා ෆෝලික් අම්ල සාන්ද්‍රණයක් තියෙනවා. කලලයක් හටගත්ත දවසෙ ඉදලාම ඉතා හොදින් සෛල බෙදිලා එම ක්‍රියාව නතර නොවී ක්‍රමානුකූලව සිද්ධවෙනවා. මෙය ගර්භණීය පළවෙනි මාස තුන දක්වා මෙය අඛණ්ඩව ලබා ගත යුතුය.

ෆෝලික් අම්ලයේ ඌනතාවයක් තිබුනහොත් සෛල බෙදීමේ වේගය අඩුවෙලා විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ගොඩක් කන්තාවන්ගෙ උපදින කලලයේ තල්ලෙ ප්‍රශ්න , තොල්වල ප්‍රශ්න , හදවතේ සිදුරැ, කොදුඇට පේළියේ ප්‍රශ්න ඇතිවිය හැකිය. ෆෝලික් අම්ලය එදිනෙදා එළවලුවල , පලාවර්ග වල බහුලව පවතින නමුත් වැඩි ආරක්ෂාවට ෆෝලික් අම්ලය දිනකට එක බැගින් ලබා ගත යුතුයි.

සමහර අවස්ථාවලදී මෙම ෆෝලික් අම්ලයේ මාත්‍ර්‍රාව වැඩි කරන්න සිද්ධවෙනවා. වලිප්පුවට බෙහෙත් ගන්නවා නම්, දියවැඩියාව වගේ සංකුලතා තියෙනවා නම් , පෙර ගර්භණීය තත්ත්වයන් වලදී අඩුපාඩු සහිත බබාලා ඉන්නවා නම් මේ ෆෝලික් අම්ලයේ මාත්‍රාව වැඩි කරනවා.

පලවෙනි මාස තුන ඉවර උනාට පසුව සති දොළහක් ගෙවුනට පස්සෙ ගොඩක් වෙලාවට සෛලයේ බෙදෙන වේගයට වඩා සෛල ලොකුවීම වෙනවා. එවිට අපි ලබා දෙන්නෙ යකඩ පෙති සහ කැල්සියම් පෙති. මෙය පාවිච්චියට ගැනීමේදී දැන ගත යුතු වැදගත් කරැණක් තමයි දෙකම එකට ගන්න බෑ. කැල්සියම් නිසා යකඩ උරා ගැනීමේ ශක්තිය අඩු කරනවා. කැල්සියම් පෙත්ත උදේට ගන්නවා නම් යකඩ පෙත්ත රෑට ගන්න ඕනි. යකඩවල තියෙන වැදගත්කම තමයි යකඩ උරා ගැනීමේ වැඩි වෙන්න විටමින් C පෙත්තක් ලබා ගතයුතුයි. මෙය එකවර ලබා ගත යුතුය.

යකඩ පෙතිවල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඔක්කාර ගතිය නැතිනම් මලබද්ධය ඇතිවෙන්න පුළුවන් .නැතිනම් මලබද්ධය සමග අසූචිවල කළුපාට ගතියක් ඇතිවිය හැකිය. ඒවා ලබා දීමේදී රෝගියා දැනුවත් කර ලබාදිය යුතුය.

ඒ වගේම් යකඩ පෙත්තක් ලබා ගත්ත ගමන් දෙහි , නාරං වගේ පැගිරි කුලයේ ශාකවලින් ලබා ගත් ගෙඩිවල යුෂ බොනවා නම් ගොඩක් හොදයි.

යකඩ උරා ගැනීම අඩු වෙනවා තේ බිව්වම. මෙම පෙති පාවිච්චි කිරීමේදී මනා අවබෝධයකින් තමයි භාවිතයට ගත යුක්තේ.

මීට අමතරව ගර්භණීය මවක් වලිප්පුවට, දියවැඩියාවට, පෙෂර් එකට වගේ ලෙඩවලට ඖෂධ ලබා ගන්නවා නම් අනිවාර්යයෙන් මේ ඖෂධ සමහර වෙලාවට වෙනස් කරන්න වෙනවා. මොකද මෙමගින් කලලයට අනර්ථකාරී බලපෑමක් ඇතිවිය හැකි බැවින්. ගර්භණීය මවක් සැමවිටම තමන්ට ඇති ලෙඩ රෝග ගැන හා එම රෝග පිළිබද වාර්තා, තමන් ගන්නා ඖෂධ ගැන වෛද්‍යවරයා දැනුවත් කිරීම අනිවාර්යය වේ. වෛද්‍යවරයා ගර්භණීය මවට ලබා දෙන විටමින් අඩු වැඩි කරනවාද කලින් සදහන් කල විටමින්වලට අමතරව තව විටමින් ලබා දිය යුතුද යන්න තිරණය කිරීමට මෙය ඉතා වැදගත් වේ.