ළමයින්ගේ 𝘀𝗰𝗿𝗲𝗲𝗻 𝘁𝗶𝗺𝗲 අඩු කරන්නේ කෙසේද? ප්‍රායෝගික උපදෙස්.

ළමයින්ගේ 𝘀𝗰𝗿𝗲𝗲𝗻 𝘁𝗶𝗺𝗲 අඩු කරන්නේ කෙසේද? ප්‍රායෝගික උපදෙස්.

අද කාලයේ ඩිජිටල් යුගයේදී, ළමයින්ගේ screen time පාලනය කිරීම බොහෝ දෙමාපියන්ට ගැටලුවක් වී ඇත. අධික phone නිසා මඳ නිදි, අඩු භෞතික ක්‍රියාකාරකම් සහ ව්‍යාකූල සංවර්ධනය වැනි විවිධ ගැටලු ඇති විය හැක. අද කාලයේ දෙමාපියන්ද බොහෝ වෙලාවට කැවීමට නැළවීමට මෙන්ම සන්සුන් කර ගැනීමටද phone එක ලබාදීම මගින් මෙම තත්වය දරුණු වී ඇත. ඉතින් පහත දැක්වෙන දේවල් කරලා මේක මග හරවා ගන්න පුලුවන්ද බලන්න.

1.⁠ ⁠වේලාවන් සැලසුම් කරගෙන phone එක ලබා දෙන්න

phone එක රහිත කාලයන් (උදාහරණයක් ලෙස ආහාර වේලේදී) සහ phone එක රහිත කලාප (උදාහරණයක් ලෙස නිදන කාමර) ඇතුළත් සැලැස්මක් නිර්මාණය කරන්න. ඔබේ දරුවාට දිනපතා phone එක කොපමණ කාලයක් ලබා දිය යුතුදැයි නියම කරන්න. ඇමරිකානු ළමා රෝහල් සංගමය දවසකට පැය එකකට වඩා වැඩි නොවන ලෙස නිර්දේශ කරනවා.

2.⁠ ⁠ඔබ විසින් දරුවාට උදාහරණයක් වෙන්න

දරුවන්ට බොහෝ විට දෙමාපියන්ගේ හැසිරීම අනුකරණය කිරීමට පුරුදු වේ. ඔබේ phone කාලය සීමා කර සහ අන්තර්ජාලයට නොයන ක්‍රියාකාරකම්වල යෙදී සිටින්න. දරුවා සමග නිතරම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යෙදෙන්න. උදාහරණයක් ලෙස, පුවත්පත් පාඩම් කිරීම, පොත් පාඩම් කිරීම.

3.⁠ ⁠විකල්ප ක්‍රියාකාරකම් වල යෙදෙන්න

ක්‍රීඩා, එළිමහන් සෙල්ලම් සහ අනෙකුත් භෞතික ව්‍යායාමයන් උනන්දු කරවීම ගොඩක් හොදයි. තවද චිත්‍ර, නිර්මාණ කුසලතා වැනි නව පුරුදු සහ පොත් කියවීමට පුරුදු කරන්න. පොත් ලබා දීමේදී විචිත්‍රවත් රුප සහිත සිත් ගන්නාසුළු පොත් ලබාදෙන්න.

අලුත් අත්දැකීමක් වෙන ලෙස නව ක්‍රියාකාරකම් සමග නෑවීම කැවිම පවා සිදු කරන්න.

නිතරම phone එක සදහා යොදවන කාලය අඩු කරවන්න. එය සිමා කිරීමක් මිස සම්පුරණයෙන් phone එකෙන් ඉවත් කරන දෙයක් නොවන බව ඔබ වටහා ගන්න ඕනි. මොකද ඉදිරි අනාගත පරම්පරාව නව තාක්ෂණයට අනුගත වෙන්න ඕනි පාලනයක් සහිතව. එය මනා සෞඛ්‍යසම්පන්න ක්‍රියාකාරකම් වලට යොමු වෙන විදියට යෙදීම දෙමාපිය ඔබගේ වගකීමයි.

ඔබේ අදහස් හා යෝජනා ඇත්නම් පහතින් comment කරන්න

References:

American Academy of Pediatrics. (2020). Media Use in School-Aged Children and Adolescents. AAP Guidelines

Common Sense Media. (2022). The New Screen Time Recommendations from the American Academy of Pediatrics. Common Sense Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *