ගැබිණි සමයේදී ලබා ගත යුතු පෝෂ්‍ය පදාර්ථ

01 – යකඩ අඩංගු ආහාර

යකඩ කියන්නේ ගැබිණි කාලයේදී අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර් තයක්.
යකඩ මවගේ ශරීරයේ රුධිර පරිමාව වැඩි කිරීමට සහය වන අතර දරුවාට ඔක්සිජන් රැගෙන යන හිමොග්ලොබින් සෑදීමට උපකාරී වේ.
යකඩ අඩංගු ආහාර මොනවාද බලමු.
ඇට ජාති – මුං , රට කජු , කජු, කඩල, කව්පි
සීරියල්
මස් හා මාලු – සැමන්, ඌරු මස්, හරක් මස්, කුකුල් මස්
ඕට්ස්
පළා – නිවිති, ගොටුකොල

ලංකාවේ ගොඩක් අම්මලා කැමති නෑ හරක් මස් ඌරු මස් කන්න. ඊ උනාට ඕනෑ තරම් තවත් කෑම තිබෙනවා යකඩ අඩංගු වෙන. අම්මලාට clinic එකෙනුත් යකඩ පෙති දෙන්නේ ඒවායේ තිබෙන වැදගත්කම නිසයි.

02 – ප්‍රෝටීන් අඩංගු ආහාර


ඔබගේ කුස තුල සිටින දරුවාගේ මොළය ඇතුළු පටක වර්ධනය සඳහා ප්‍රෝටීන් ඉතා වැදගත් වේ. එය මවගේ රුධිර සැපයුම වැඩි කිරීම සහ සමස්ත ශක්ති වර් ධනය සඳහා ද සහාය වේ.

ප්‍රෝටීන් අඩංගු ආහාර මොනවාද බලමු.
ඇට ජාති – මුං , රට කජු , කජු, කඩල, කව්පි
සීරියල්
මස් හා මාලු – සැමන්, ඌරු මස්, හරක් මස්, කුකුල් මස්
ඕට්ස්
බිත්තර
කිරි
ලංකාවේ ගොඩක් අම්මලා කැමති නෑ හරක් මස් ඌරු මස් කන්න. ඒ උනාට ඕනෑ තරම් තවත් කෑම තිබෙනවා යකඩ අඩංගු වෙන.
උදාහරණ වශයෙන්
ටෝෆු
Lentils/ පරිප්පු
කව්පි
Green peas
Soy milk
Oats
Chia seeds

03 – Omega-3

Docosahexaenoic acid (DHA) යනු ආහාර සහ අතිරේකවල සොයා ගත හැකි ඔමේගා-3 මේද අම්ලයකි. DHA සැමන් සහ ටූනා වැනි සීතල ජල මාළු වල මෙන්ම මත්ස්‍ය තෙල් අතිරේකවල ද දක්නට ලැබේ.
ඔමේගා-3 ඔබේ දරුවාගේ ඇස් සහ මොළයේ වර්ධනය සහ මුල් වර් ධනය වැඩි දියුණු කරයි. ඔමේගා-3 ප්‍රමාණවත් ලෙස ගැනීමෙන් ඔබේ දරුවාට ඇදුම සහ අනෙකුත් අසාත්මික තත්ත්වයන් ඇතිවීමේ සම්භාවිතාව අඩු කළ හැක. එය දරු ප්‍රසූතියේ අවදානම අඩු කළ හැකි අතර, ඔබේ දරුවා ලැබීමෙන් පසු මානසික අවපීඩනය (පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය) ද අඩු කිරීමට හේතු වේ..
Omega-3 අඩංගු ආහාර මොනවාද බලමු.
මාලු – සැමන්, හුරුල්ලා, මැකරල්, සාඩින් මාලු
Chia ඇට
Soy beans
Cod liver oil

04 – කැල්සියම්

දරුවාගේ අස්ථි සහ දත් වර් ධනය සඳහා කැල්සියම් අත්යවශ්ය වේ. එය මවගේ අස්ථි සෞඛ්‍යයට ද සහාය වේ.

කැල්සියම් අඩංගු ආහාර මොනවාද බලමු.
මාලු – සැමන්,
ආමන්ඩ් ඇට
Cheese
කිරි
යෝගට්
broccoli
ටෝෆු

05- විටමින් C

ප්රතිශක්තිකරණ පද්ධතියට උපකාරී වේ.
විටමින් C සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීමට උපකාරී වන අතර හානිවලින් සෛල ආරක්ෂා කරයි.

කොලජන්
විටමින් C ශරීරයට කොලජන් නිපදවීමට උපකාර කරයි. කොලජන් නිරෝගී පටක, තුවාල සුව කිරීම සහ සාමාන්‍ය වර් ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රෝටීනයකි. කොලජන් අස්ථි වර්ධනය, නිරෝගී සම, කාටිලේජ සහ කණ්ඩරාවන්ට ද උපකාරී වේ.

යකඩ අවශෝෂණය
විටමින් C ශරීරයට යකඩ වඩාත් ඵලදායී ලෙස අවශෝෂණය කර ගැනීමට උපකාර කරයි. එමනිසා ගොඩක් වෛද්‍යවරුන් පවසන්නේ යකඩ අඩංගු ආහාර ගත පසු විටමින් C අඩංගු ආහාරයක් ගන්න ලෙසයි.

විටමින් C අඩංගු ආහාර මොනවාද බලමු.
දෙහි
නාරං
lemon
broccoli

06- විටමින් D


විටමින් D ගැබිණි සමයේදී වැදගත් වන්නේ එය දරුවාගේ අස්ථි, දත්, වකුගඩු, හෘදය සහ ස්නායු පද්ධතිය වර්ධනය කිරීමට උපකාරී වන බැවිනි. ගර්භනී කාන්තාවන් සඳහා නිර්දේශිත දෛනික විටමින් D ප්‍රමාණය මයික්‍රොග්‍රෑම් 10 (400 IU) වන අතර, සූර්යාලෝකයෙන් පමණක් ශරීරයට ප්‍රමාණවත් තරම් විටමින් D නිපදවිය නොහැකි විට ගර්භනී කාන්තාවන්ට තම දරුවාගේ ජීවිතයේ පළමු මාස ​​හය සඳහා විටමින් D ගොඩනඟා ගැනීමට අතිරේකයක් ගත හැකිය. ඔබ multivitamin ලබා ගන්නේ නම්, එහි විටමින් ඩී මයික්‍රොග්‍රෑම් 10 ක් අඩංගු වන බවට වග බලා ගන්න, නැතහොත් වෙනම අතිරේකයක් ගැනීම ගැන ඔබේ VOG doctor ගෙන් විමසන්න.

විටමින් D අඩංගු ආහාර
සැමන්, මැකරල්
බිත්තර කහ මද
කිරි, යෝගට්
හිරු එලිය

07- තන්තු

තන්තු යනු සෞඛ්‍ය සම්පන්න ගර්භණී ආහාර වේලක වැදගත් අංගයක් වන අතර, තවත් බොහෝ දේ සඳහා සුදුසු වේ.
ළදරුවන්ගේ වර්ධනය: ගර්භණී සමයේදී අඩු තන්තු ආහාර ගැනීම ළදරුවන්ගේ මොළයේ වර්ධනය ප්‍රමාද විය හැක.
බර වැඩිවීම: තන්තු බහුල ආහාර ගැනීම සුදුසු ගර්භණී බර වැඩිවීමට උපකාරී වේ.
හෘද සෞඛ්‍යය: තන්තු බහුල ආහාර හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය කළ හැකිය.
අනෙකුත් සෞඛ්‍ය අවදානම්: තන්තු මගින් දියවැඩියාව, සහ මලබද්ධය ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ. ගර්භණී ග්ලූකෝස් වැඩිවීම සහ අධි රුධිර පීඩන ආබාධ ඇතිවීමේ අවදානම ද අඩු කළ හැකිය.

තන්තු අඩංගු ආහාර මොනවාද බලමු.
oats, brown rice, whole wheat bread
පලතුරු – apples, pears, berries
එළවලු – carrots, broccoli
බෝංචි , පරිප්පු
මුං , රට කජු , කජු, කඩල, කව්පි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *