අලුත් අම්ම කෙනෙක්ට අරැම පුදුම දෙයක් තමයි පුංචි දරැවා කුස ඇතුලෙ දගලන එක. සමහර අම්මලා ටිකක් බයත් එක්ක දගලනකොට මොනවගේ දැනෙයිද කියලා බයයි. බබා දගලන එක බබා හොදට ඉන්නවා කියලා දෙන සන්නිවේදනයක් වගේම අම්මට බබා ගැන ලොකු හැගීමක් ඇති කරන්න ඒ දේ වැදගත්. අපිට බබා ගැන යම් යම් නිර්ණායක ගන්නත් බබා මේ දගලන එක වැදගත් වෙනවා. අද අපි කතා කරන්නෙ බබා දගලන එක කවදද සිද්ධවෙන්නෙ සහ ඒ සම්බන්ධයෙන් ඔබ දැනගෙන ඉන්න ඕනි මොනවද කියලා.
සාමාන්‍යයෙන් අලුත් අම්ම කෙනෙක්ට නම් බබා දගලන එක දැනෙන්නෙ සති 20ක් විතර ගියාට පස්සෙ. සති 20ට වඩා යයි ඔබට හුරැමදි නිසා ඔබට ඒක තේරැම් ගන්න. ඒ දගලද්දි දැනෙන්නෙ කොහොමද කියලා අලුත් අම්ම කෙනෙක් දැනගන්න කැමතී. සාමාන්‍යයෙන් ඒක දැනෙන්නෙ ඇග ඇතුලට කුරැල්ලෙක් ගිහිල්ලා තටු ගහනවා වගේ, ටිකක් කල් යද්දි තල්ලු කරනවා වගේත් දැනෙනවා. ඒක දැනිච්ච අම්මකෙනෙක් දන්නවා ඒ හැගීම කොහොමද කියලා. කවදාවත් ඒක දැනිච්ච නැති කෙනෙක්ට පොඩ්ඩක් අමුතු හැගීමක් දැනෙයි. පොඩි අපහසුවක් වගෙත් දැනෙයි මුලදි. නමුත් ඒක හුරැවුනාට පස්සෙ හරිම ආස හිතෙන හැගීමක්. අන්තිම කාල සීමාවෙදි පයින් ගහනවා පෙරලෙනවා මුළු බබාම එහෙන් මෙහෙන් පෙරලෙනවා වගේ දැනෙන්න පුළුවන්. හොදින් සැලකිල්ලෙන් ඉන්න.
ඔබට දෙවැනි බබා නම් ලැබෙන්න ඉන්නෙ සති 20කට කලින් සති 16දි වගේ ගොඩක් අම්මලට දැනෙන්න පටන් ගන්නවා.
බබා දගලන එකෙන් යම් යම් දේ දැන ගන්න පුලුවන්. මේදේ අම්මටම තමයි තේරෙන්නෙ. බබා හොදට දගල දගල ඉදලා අද දැගලුවා අඩුයි අද දැගලුවෙ නෑ කියලා. එතකොට වෛද්‍යවරුන් අම්මගෙන් තමයි ඒ ගැන අහන්නෙ. ඒ ගැන හොද සැලකිල්ලෙන් ඉන්න වෙනසක් තියනව නම් වෛද්‍යවරුන් දැනුවත් කරන්න. ඒ වේලාවට අපි පරීක්ෂා කරන්නෙ CPG Scan පිටියක් වගේ එකක් බඩට දාලා. ඒකෙන් වෙන්නෙ බබාගෙ හෘද ස්පන්දය දිගටම ගන්නවා. හෘද ස්පන්දය හොදින් තියෙනවා නම් දැගලුවේ නැති නම් කමක් නෑ බබා හොදින් ඉන්නවා.
එහෙම දගලන්නෙ නැත්තෙ ඇයි? සමහර අවස්ථාවල බබාටත් කම්මැලි හිතෙනවා. වැඩිපුර දගලන වෙලාවල් තියෙනවා. අම්මගෙ හෝර්මෝන් වෙනස්කම්, අම්මා බයවෙන අවස්ථාවල බබා සද්ද නැතිව ඉන්නවා, සමහර වෙලාවට දගලන්න පටන් ගන්නවා. අපේ සිතුවිලි සහ අපේ ඇගේ සිදුවෙන රසායනික වෙනස්කම් එක්ක බබා දගලන එක වෙනස් වෙනවා.
ඒ වගේම සමහර සන්සුන් අවස්ථාවල බබා ටිකක් වැඩිපුර නිදා ගන්නවා. සමහර වෙලාවට අම්මලා ගොඩක් කලබල වෙනවා ඒ වෙලාවට. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා බලන්න. ඒ වගේම පොඩි පොඩි සද්ද දාලත් බලන්න. බබාගෙ කන ඇහෙනවනෙ. ලෝහ පිගානක් බඩ ලගට තියලා මොකකින් හරි තට්ටු කරලා බලන්න. බබාට ඇහෙන සියුම් තීවර සද්දයක් දුන්නම බබා දගලනවා. ඒ නිසා බබාගෙ දැගලීම පිළිබඳව සැලකීමෙන් ඉන්න.
බබා හම්බවෙන්න ලං වෙද්දි ඔබට හම්බවෙයි භෘණ චලන සටන් කිරීමේ කඩ් පතක්. ඔබට අවශ්‍යය නම් ඒ වගේ එකක් ගෙදරදිත් හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවසට දහපාරක් දගලන බබෙක් තුන්පාරක් වගේ නම් දැගලුවෙ අන්න ඒ වගේ වෙලාවට පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න. ඒ වගේ වෙලාවට සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් හමුවන්න බබා හොදින් ඉන්නවද කියලා බලා ගන්න. මේ දේවල් කියලා දෙන්නෙ බය වෙන්න නෙවෙයි. ඔබව දැනුවත් කරන්න අවශ්‍යය නිසයි.
මේ බබා දගලන එක හරිම සුන්දර දෙයක් කර ගන්න. මාස ගාන සම්පූර්ණ සමහර වෙලාවට ඒක පේන්න ගන්නවා. ඒ වෙලාවට පුංචි වීඩියෝ එකක් අරගෙන තියන්න බබා ලොකු උනාම පෙන්නන්න. බබා දගලන වෙලාවට තාත්තටත් කියන්න පොඩ්ඩක් අත තියල බලන්න කියලා. ඒ හැගීම දැනෙන්න දෙන්න. එතකොට බබායි, අම්මයි, තාත්තායි අතර සම්බන්ධතාවය ගොඩක් වැඩි දියුණු වෙනවා.
ඔබට මෙය වැදගත් උනා කියලා හිතෙනවා නම් ඔබ වගේම අම්මලා තාත්තලා හැමකෙනෙක්ටම මෙම post එක share කරන්න අමතක කරන්න එපා. තවත් දවසක ඔබට වැදගත් වෙන දේ රැසක් සමග හමුවෙමු.









