මාස 2සිට මාස 12දක්වා දරැවන්ට ලබා දෙන එන්නත් කිරීම ගැන දැනගනිමු

මාස 2සිට මාස 12දක්වා දරැවන්ට එන්නත් කිරීම ගැන ගැනයි අද අපි කතා කරන්නෙ.

ඔබේ බිලිදා රෝහලේ සිට නිවසට ගෙනාවට පස්සෙ දෙන පළමු එන්නත බබාට මාස 2දී ලබා දෙන එන්නතයි. මෙහීදී එන්නත් වර්ග තුනක් ලබා දෙනවා.

🌻පංචපංච සංයුජ එන්නත පළවෙනි මාත්‍රාව

ගලපටලය,කක්කල් කැස්ස,පිට ගැස්ම,හෙපටයිටිස් බී සහ හිමෝෆිලියා ඉන්ෆ්ලුවන්සා බී කියෙන රෝග තත්වයන්ට එරෙහිව ප්‍රතිශක්තිකරණය තමා මෙම එන්නතින් බබාට ලබා දෙන්නෙ.

🌻අජීවී පෝළියෝ එන්නත පළවෙනි මාත්‍රාව

🌻මුඛ පෝළියෝ එන්නතේ පළවෙනි මාත්‍රාව

මේ එන්නත් ලබා දීමට පෙර විශේෂයෙන් සූදානම් වීමක් අවශ්‍ය නෑ. නමුත් ඔබ මතක තබා ගත යුතු වැදගත්ම දේ තමයි බබාට මාස දෙක සම්පූර්ණ වෙන්න නියමිත දිනට හෝ සම්පූර්ණ වෙලා සතියක් ඇතුලත මේ එන්නත් ඔබේ දරැවට ලබා දිම සිදු කල යුතුයි.

එන්නත ලබා දීමට නියමිත දිනවන විට ඔබේ දරැවා සුළු රෝගවලින් පෙලෙනවා විය හැකිය. (සෙම්ප්‍රතිශ්‍යාව ,කැස්ස, බඩ බුරැල් වීමක්, මද උණක්) මෙවැනි විටක ඔබ දරැවාව රැගෙන සායනයට නියමිත දිනයේදී සහභාගි වෙන්න. බොහෝ අවස්ථාවලදී කලින් සදහන් කල රෝග ලක්ෂණ පැවතුනත් එන්නත ලබා දීම සිදු කරනවා. එය සෞඛ්‍යය කාර්යය මණ්ඩලය විසින් සිදු කරාවී. ඒ ගැන ඔවුන්ව දැනුවත් කරන්න.

බබාට මේ එන්නත විද්දට පස්සෙ උණ ගැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් විද්ද ස්ථානය රතු වීම හෝ ඉදිමීම, සමේ පලු ඇතිවීම. මේ විදිහට උනොත් ඔයාලා කලබල වෙන්න අවශ්‍ය නෑ. ඔයාලා කරන්න ඕනි දේ තමා බබාගෙ බරට අනුව බබාට පැරසිටමෝල් මාත්‍රාව ලබා දෙන එකයි. මේ විදිහට පැරසිටමෝල් මාත්‍රාව කිහිප සැරයක් දුන්නට පස්සෙත් බබාගේ උණ බහින්නෙ නැත්නම්, වලිප්පුව ,හුස්ම ගැනීමේ අපහසුතාවයක් සහ ඇගපුරා පළු ඇතිවීම මේ දේවලින් එකක් හෝ ඇත්නම් විතරක් බබාව වෛද්‍යවරයෙක් වෙත ගෙනි යන්න.

ඊලග එන්නත ලබා දෙන්නෙ බබාට මාස 4 සම්පූර්ණ වූ පසුවයි. මාස 2සම්පූර්ණ වුනාට පසුව ලබා දුන් එන්නත් වල දෙවැනි මාත්‍රා ලබා දීම මෙහිදී සිදු කරනවා.

මව්වරුන් හොදින් මතක තබා ගත යුතු කාරණයක් තමයි එන්නත් දෙකක් අතර පරතරය සති 6ත් 8ත් අතර කාලයක් තබා ගත යුතුයි. මාස 2 සම්පූර්ණ වූ පසු ලබා දුන් එන්නත ලබා දී සති 6ත් 8ත් කාලයක් අතරතුරදී තමයි මාස 4 සම්පූර්ණ වූ පසු ලබා දෙන එන්නත් ලබා දිය යුක්තේ.

මව්වරුන් මතක තබා ගතයුතු වැදගත් කාරණයක් තමයි මීට කලින් එන්නත් ලබා දීමේදී යම් ආසාත්මිකතාවයක් ඇති වුනා නම් ඊලග එන්නත ලබා දීමට කලින් සෞඛ්‍යය කාර්යය මණ්ඩලය දැනුවත් කරන්න.

මීලග එන්නත ලබා දෙන්නෙ ඔබේ දරැවාට මාස 6 සම්පූර්ණ වූ පසුවයි.

🌻පංචපංච සංයුජ එන්නත තුන්වෙනි මාත්‍රාව

🌻මුඛ පෝළියෝ එන්නතේ තුන්වෙනි මාත්‍රාව

මීලග එන්නත ලබා දෙන්නෙ ඔබේ දරැවාට මාස 9 සම්පූර්ණ වූවායින් පසුවයි.

🌻MMR Vaccine පළමු මාත්‍රාව

මෙය ලබාදෙන්නේ සරම්ප, කම්බුල්ගාය, රැබෙල්ලා කියන රෝගවලින් ආරක්ෂාවීමටයි.

ඊලග එන්නත ලබා දෙන්නෙ ඔබේ දරැවාට මාස 12 (අවුරුද්ද) සම්පූර්ණ වූ පසුවයි.

🌻Japanese Encephalitis Vaccine

Japanese Encephalitis කියන වෛරසයෙන් හැදෙන් මොළේ උණ වලක්වා ගන්න තමයි මේ එන්නත ලබා දෙන්නෙ.

අපේ දෙමාපියන් කරන වැරදි වැඩක් තමයි ලමයව පාලනය කරන්න, ලමයින්ට කෑම කැවීමට Injection ගහන්වා කියලා බය කරනවා. මෙය ඉතාම වැරදි වැඩක්. මේක නිසා ඔබේ දරැවා Injection ලබා ගන්න බය වෙනවා වගේම ඔබ දරැවාව බොරැ කිරීමටත් හුරැ කරනවා.

ඒ වගේම Injection එක රිදෙන්නෙ නෑ. Injection ගහන්නේ බබාට නෙවෙයි අම්මටයි, Injection ගහන්න නෙවෙයි අද යන්නෙ. අද අපි යන්නෙ වෙන ගමනක් මේ වගේ බොරැ කියන්න එපා. දරැවන්ට කියල දෙන්න මදුරැවෙක්, කූඹියෙක් කනකොට, කොනිත්තනකොට දැනෙනවා වගේ සුළු වේදනාවක් තමයි දැනෙන්නෙ කියලා. එවිට දරැවා එය විද දරා ගැනීමට හුරැවේවී.

ඉතින් අපගේ baby care pro app එකේ පැහැදිලිවම ඔබට බබාගේ vaccine ගැන reminders දෙනවා වගේම පිළිවෙලට ඒවා record කරන්න සහ ඉස්සරහට දෙන්න තියෙන vaccine බලා ගන්නත් පුළුවන්.