ගැබ් ගැනීමේ මාස 3 අවසන්වීමට පෙර ඔබ ගැබ්ගෙන ඇති බවට සියළු දෙනා හදුනාගෙන සහතික කරගෙන ඇති. වෛද්‍යවරුන් ඔබට මාස තුන ඇතුලත (සති 8 ආසන්නයේ)Scan පරීක්ෂණයක් සිදු කරන ලෙස උපදෙස් දේවි. එය ගැබ් ගැනීමක්ද, නිවුන් දරැවන්දැයි පරීක්ෂා කිරීමට හෝ දරැවාගේ හද ගැස්ම පරීක්ෂා කිරීමට, අභ්‍යන්තර රැධිර වහනයක් ඇත්දැයි පරීක්ෂා කිරීමට හා දරැවා ඇත්තේ ගර්භාෂය තුලද ඉන් පිටතදැයි පරීක්ෂා කිරීමට මෙම Scan පරීක්ෂණය සිදු කරයි.
දරැවා ගර්භාෂය පිටතින් පිහිටයිනම් එය ජීවිතයට තර්ජනයකි . අපි එය හදුන්වන්නෙ Ectopic ලෙසයි. මේ නිසා උදර කුහරය තුලට අභ්‍යන්තර රැධිර වහනයක් සිදුවිය හැකිය. කලල රෑපය පරීක්ෂා කිරීම කලල දින වර්ධනය වන දින සිට ආසන්න පළමු ත්‍රෛමාසිකය අතර තුර සිදු කරයි.
ඔබේ රැධිර කාණ්ඩය, ඔබේ හිමොග්ලොබින් අගය ,තයිරොයිඩ් , සීනි සහ තැලසීමියා පරීක්ෂා කිරීම පළමු ත්‍රෛමාසිකය තුල සිදු කල යුතුය. පසුව දෙමාපියන්ගෙන් දරැවන්ට ලැබිය හැකි ආසාදන කිහිපයක්ද පරීක්ෂා වලට ඇතුලත් වේ. Syphilis , HIV හා HBsAg ( Hepatitis B Surface Antigen )(Optional) සදහා මෙම පරීක්ෂණ සිදු කරනු ලබයි. පළමු ත්‍රෛමාසිකයේදී සිදු වන්නෙ එයයි.
දෙවන ත්‍රෛමාසිකය පටන් ගත් පසු ගර්භණීය සතිවලදී තවත් Scan පරීක්ෂණයක් සිදු කිරීමට උපදෙස් දෙනු ඇත. Ultra Sound සති 14 දී සිදු කරනු ලබන මෙම පරීක්ෂණය Nuchal Translucency (NT) Test ලෙසත් හදුන්වයි. එහිදී දරුවාගේ Nuchal Translucency (NT) හා Nasal Bone (NB) පරීක්ශා වේ. Down’s Syndrome ඇති දරුවකු වීමේ හැකියාව හෝ ජානමය ගැටළුවක් තිබේදැයි සොයා බැලීම මෙහි අරමුණ යි. එබැවින් මෙම පරීක්ෂණයේදී Down Syndrome එනම් ට්‍රයිසෝමි 21 වැළදීමේ සම්භාවිතාව ලබා දේ. ට්‍රයිසෝමි 18 හා 13 අනෙකුත් ජානමය ගැටලු වේ. සති 18 – සති 22 ඔබට තවත් Scan පරීක්ෂණයක් පිරිනැමිය හැකි අතර එය Anomaly Scan පරීක්ෂණය ලෙස හැදින්වේ.එබැවින් අපි මෙම පරීක්ෂණ සිදු කළ පසු බොහොමයක් ජානගත ආබාධ නොමැති බව තහවුරු කල හැකි වේ.
සති 6-8 සිට ඔබගේ සෑම පැමිණීමකදී බර නිරීක්ෂණය කරනු ලබන අතර බර වැඩිවීමේ රටාව බලයි. ඔබේ රැධිර පීඩනය පරීක්ෂා කරයි. සති 24 පමණ වන විට දරැවාගේ හෘද ස්පන්දය පරීක්ෂා කරයි.
ගර්භණීය දියවැඩියාව හදුනාගැනීමේ පරීක්ෂණයක් වන මෙම OGTT නම් පරීක්ෂණයක් සදහා ඔබට උපදෙස් දෙනු ඇත. මවගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ආරම්භ වන්නේද මේ කාලයේදී ය. එබැවින් ගර්භණී සමයේදී
Tetanus Toxoid
එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න.
ඔබගේ දෙවන ත්‍රෛමාසිකය අවසාන වූ පසු සති 28 – 32 දී පමණ දරැවා හොදින් වර්ධනය වන බව පරීක්ෂා කිරීම හා බබාගේ වටේ තියෙන වතුරත්(Amniotic Fluid), බබාගේ රැධිර සැපයුමත් හොදද යන්න බැලීම සදහා තවත් Scan පරීක්ෂණයක් කළ යුතුය. එය Growth Scan ලෙස හැදින්වේ.
සායනික පරීක්ෂාව දිගටම සිදු කරන අතර දරැවාගේ වර්ධනය සහ ඔබව නීරීක්ෂණය කරනු ලැබේ. ඉදිරියේදී ඇතිවිය වර්ධනය පිළිබඳව විය හැකි සංකුලතා අවම කිරීම සදහා තවත්
සති 31- 39 දක්වා දරැවාගේ වර්ධනයේ විෂමතාවයක් දැකීමට සහ දරැවාගේ වර්ධනය නැවත පරීක්ෂා කිරීමට Serial Growth Scans පරීක්ෂණ කිරීමට උපදෙස් දෙනු ඇත.
ඔබගේ හිමොග්ලොබින් පරීක්ෂා කිරීමට සහ රක්තහීනතාවය වර්ධනය නොවන බව බැලීමට සති 8 දී සහ සති 28 දී පමණ FBC පරීක්ෂණ සිදු කරයි.
ගර්භණී කාලයේදී ඔබට
Iron
Vitamin C
Calcium
Folic Acid
ලබා දීම සිදු වේ. Iron Double dose ලබා දීම ඔබගේ Hb වාර්තා මත රදා පවතී. මූලික වශයෙන් සමස්ත ප්‍රසව ප්‍රතිකාර වලදී මවගේ සහ දරැවාගේ ආරක්ෂාවට අවධානය යොමු කරයි.
ඔබට මෙය වැදගත් උනා කියලා හිතෙනවා නම් ඔබ වගේම අම්මලා තාත්තලා හැමකෙනෙක්ටම මෙම post එක share කරන්න අමතක කරන්න එපා. තවත් දවසක ඔබට වැදගත් වෙන දේ රැසක් සමග හමුවෙමු.
මේ වගේ වැදගත් ලිපි අපේ Babycare pro app එකෙනුත් බලාගන්න පුළුවන්. අදම app එක download කර ගන්න.









