අපි කලින් කතා කරා බබාගෙ පළවෙනි මාසෙදි බබාගෙ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න ඕනි මොනවද කියලා අද අපි කතා කරමු.
දෙවනි මාසය අවසානයේදි බබාගෙ මොනවගේ සංවර්ධක දර්ශකද සාක්ශාත් කර ගන්න ඕනි කියලා අපි බලමු.මේ මාසෙ අවසානයේදි බබාට අම්මගෙ තාත්තගෙ මූණු හදුනා ගන්න,මූණ දිහා බලලා හිනා වෙන්න පුළුවන්කම ලැබෙනවා වගේම බබා උත්සහ කරනවා බබාගෙ අතේ ඇගිලි කටේ දාගන්න.එහෙම කරාම බබාටම පහසුවක් දැනෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි බබාට මේ වෙද්දි විවිධ ශබ්ද නිකුත් කරන්න හැකියාව ලැබෙනවා.මොනව හරි ශබ්දයක් ඇහුනට පස්සෙ බබාට ඒ පැත්තට ඔළුව හරවලා ප්‍රතිචාර දක්වන්න,චලනයවන දේවල් දිහා ඇස් හරවලා බලන්නත් මේ වෙද්දි දරැවට හැකියාව තියෙනවා.
බබාව මුණින් අතට හරවලා තිබ්බාම සෑහෙන්න දුරට බබාගෙ ඔළුව උස්සන්න පුළුවන්.කලින් තිබ්බට වඩා බබාට බබාගෙ අතපය වල සියුම් චලන ඇති කරන්න හැකියාවක් මේ වෙද්දි ලැබෙනවා.කලින් ලිපියේ සදහන් කරා වගේ සංවවර්ධක දර්ශක ගනනාවක් ළමා සෞඛ්‍යය හා සංවර්ධක සටහනේ තියෙනවා.ඒ දේවල් ගැනත් අවධානය යොමු කරන්න පුළුඑවන්.
බබාගේ පෝෂණය ගැන ගත්තොත් පළවෙනි මාස 6 අවසන් වෙනකන් බබාට දෙන්නෙ මව්කිරි පමණයි.ඒ මාස 6 පුරාවට බබාට අවශ්‍ය හැම පෝෂක වර්ගයක්ම මව් කිරිවල අඩංගු වෙනවා.බබා මාසයක් පුරා මව් කිරි උරා බීලා තියෙන නිසා මව් කිරි උරා බීමේ හැකියාව වැඩිවෙලා තියෙනවා.ඒ වගේම මව්කිරි ගිලීමේ හැකියාව වැඩිවෙලා තියෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්.මං කලින් ලිපියෙදි සදහන් කරා වගේ මේ මාසෙදිත් ඔයාලට පුළුවන් බබා මව්කිරි ඉල්ලලා අඩද්දි මව් කිරි දෙන විදිහට බබාව පුරැදු කරන්න.
ඒ වගේම දරැවට නිවැරදි පෝෂණයක් ලැබෙනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනි.බබාගෙ වයසට අදාල බර ප්‍රස්තාරයෙන් නිවැරදිව බර පවත්වාගෙන යනවද කියන එක අපිට බලන්න පුළුවන්.මාස 6ක් අවසානයේදි බබාගෙ බර දෙගුණයක් වෙනවා.මේ කාලයේදි ඔයාට සැලකිලිමත් වෙන්න පුළුවන් මේ දේ දිහාට බබබාගෙ බර ප්‍රස්තාරය යනවද කියන එක ගැන.
මාස දෙකේ බබෙක් එක්ක දෙමාපියන්ට මොනවද කරන්න පුළුවන් කියන කාරණය ගත්තාම කලින් ලිපියෙදිත් මං කිව්වා පළවෙනි මාසය අවසානයේදි ලොකු ක්‍රියාකාරකම් බබත් එක්ක දෙමව්පියන්ට කරන්න බෑ කියලා.දෙවනි මාසය අවසානයේදි පලවෙනි මාසයට වඩා වැඩි ක්‍රියාකාරකම් ප්‍රමාණයක් අම්මට තාත්තට කරන්න පුළුවන්.
ඒ දේවල්වලින් කිහිපයක් ගත්තොත් ඔයාලට පුළුවන් බබාව නාවද්දි,කවද්දි ,එයාට ඇදුම් අන්දවද්දි එයාට ගොඩක් දුරට අවදානය යොමු කරන්න.ඒ වගේම එයත් එක්ක කතා කරන්න පුළුවන්.ඒ වගේම දරැව මොනව හරි ශබ්දයක් පිට කරනවා නම් ඒ දේට ඇහුම් කන් දෙන්න වගේම ඒ දේට ඇහුකම් දෙනවා කියලා පෙන්වන්න දරැවව ඒ දේට දිරිමත් කරන්න ඔයාලට පුළුවන්.දරැවා නිකුත් කරන ශබ්දය අනුකරණය කරන්න ඔයාලට පුළුවන්.නිවැරදි උච්චාරණය සහිතව වචන දරැවට ඇහෙන්න කියන්න පුළුවන්.මේ කාලෙදි දරැවට ඇහෙන්න සිංදු කියන්න පුළුවන්, කතන්දර කියලා දෙන්න පුළුවන්.
මේ කාලෙදි බොහොම සිත් ගන්නා සුළු දෙයක් දරැවත් එක්ක කරන්න පුළුවන්.ඔයාලට හැංගි මුත්තන් කරන්න පුළුවන්.මෙතනදි ඔයාලට පුළුවන් අත්දෙකෙන් ඇස්දෙක වහගෙන එකපාරට ඒ අත්දෙක අරගෙන දරැව දිහා බලන්න.මේ වගේම කලින් මාසෙදි වගේම බබාව මුණින් අතට හරවලා එයා ගාව සෙල්ලම් බඩු තියලා තියන්න පුළුවන්.ඒ සෙල්ලම් බඩු ගන්න බබා පළවෙනි මාසෙදි ඔළුව ඉස්සුවට වඩා වැඩි ප්‍රමාණයක් ඔළුව උස්සලා බොහෝම ක්‍රියාශීලීව මේ සෙල්ලම්බඩු දිහා බලන්න බබා උත්සහ කරනවා ඔයාලට බලා ගන්න පුළුවන්.මීට අමතර තව ක්‍රියාකාරකම් ප්‍රමාණයක් ළමා සෞඛ්‍යය හා සංවර්ධන දර්ශක පොතෙන් ඔයාලට බලා ගන්න පුළුවන්.
බබාගෙ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ සහ සායන ගැන ගත්තොත් එහෙම දෙවනි මාසෙ සායනයට මේ මාසෙ අවසානයේදි ඔයාලට බබත් එක්ක සහභාගි වෙන්න පුළුවන්.කලින් සායනයේදි වගේම මේ සායනයේදිත් බබාගෙ උස සහ බර මැනීම සිද්ධ කරනවා.ඉන්පසු ඒ අගයන් ඒ අදාල ප්‍රස්තාරවල ලකුණු කිරීම සිද්ධ කරනවා.ඒත් එක්කම මේ සායනයේදී ගොඩක් වැදගත් වන දේ තමයි බබාට එන්නත් ලබා දීම සිද්ධ කරනවා.ඉතිං මේ විදිහට ලබාදෙන එන්නත් තමයි පංච සංයුජ එන්නත පළවෙනි මාත්‍රාව.මේ එන්නත ගැන ගත්තොත් ගලපටලය,කක්කල් කැස්ස,පිට ගැස්ම,හෙපටයිටිස් බී සහ හිමෝෆිලියා ඉන්ෆ්ලුවන්සා බී කියෙන රෝග තත්වයන්ට එරෙහිව ප්‍රතිශක්තිකරණය තමා මෙම එන්නතින් බබාට ලබා දෙන්නෙ.
ඒ වගේම අජීවී පෝළියෝ එන්නත පළවෙනි මාත්‍රාව සහ මුඛ පෝළියෝ එන්නතේ පළවෙනි මාත්‍රාව බබාට ලබා දීම මේ මාසෙදි සිද්ධ කරනවා.
එන්නත් ගැන කතා කරද්දි මිනිස්සු කියන දෙයක් තමයි මේ එන්නත් වලින් ඇතිවන අතුරැ ආබාධ නිසා මේ එන්නත් ප්‍රතික්ෂේප කරන්න.නමුත් ඔයාලා දැන ගන්න ඕනි එන්නත්වලින් සහ ඖෂධ වලින් අතුරැ ආබාධ යම් ප්‍රමාණයක් හරි ඇතිවෙනවා.අතුරැ ආබාධ මේ එන්නත් ,ඖෂධ භාවිතා කරන හැමෝටම ලැබෙන්නෙත් නෑ.හැමෝටම ඒ අතුරැ ආබාධ ඒ ප්‍රමාණයෙන්ම ඇති වෙන්නෙත් නෑ.බොහොම කලාතුරකින් තමා අතුරැ ආබාධ ඇතිවෙන්නෙ.කොහොම හරි මේ ඖෂධ හා එන්නත් වලින් ලැබෙන හොද දේවල් ගැන අවධානය යොමු කරන එක් තමයි ගොඩක්ම වැදගත් වෙන්නෙ.විශේෂයෙන් මේ දරැවන්ගෙ එන්නත්කරණ වැඩ පිළිවෙල ගත්තාම සෑහෙන්න කාලෙක ඉදන් ශ්‍රී ලංකාවෙ මේ වැඩ පිළිවෙල පවත්වාගෙන යනවා.මේ දේවල් නිසා දරැවන්ට වැලදෙන විශාල රෝග ප්‍රමාණයකින් දරැවන්ව ආරක්ෂා වෙලා තියෙනවා.
ආපහු මේ එන්නත් ගැන කතා කලොත් බබාට සෑහෙන්න දුරට ඉඩ තියෙනව මේ එන්නත විද්දට පස්සෙ උණ ගැනෙන්න.මේ විදිහට උණ ගැනුනොත් ඔයාලා කලබල වෙන්න අවශ්‍ය නෑ.මේ එන්නත් විද්දට පස්සෙ සෑහෙන්න දරැවන් පිරිසකට උණ ගැනෙන්න පුළුවන්.ඔයාලා කරන්න ඕනි දේ තමා බබාගෙ බරට අනුව බබාට පැරසිටමෝල් මාත්‍රාව ලබා දෙන එකයි.මේ විදිහට පැරසිටමෝල් මාත්‍රාව කිහිප සැරයක් දුන්නට පස්සෙත් බබාගේ උණ බහින්නෙ නැත්නම් විතරක් බබාව වෛද්‍යවරයෙක් වෙත ගෙනි යන්න.
කලින් මාසෙ වගේම පවුල් සෞඛ්‍යය සේවිකාව ගෙදරටම ඇවිත් බබාගෙ සෞඛ්‍යය තත්වය ගැන නිරීක්ෂණය කරයි.බබාගෙ සනීපාරක්ෂාව සහ අනිකුත් දේවල් ගැන හොයලා බලයි.පවුල් සෞඛ්‍යය සේවිකාවගෙන් හරි සායනයට සහභාගි උනාම වෛද්‍යවරයාගෙන් හරි ඔයාලට තියෙන ප්‍රෂ්න අහලා නිරාකරණය කර ගන්න පුළුවන්.
අවසාන වශයෙන් බලමු බබාගෙ මොනවගේ දේවල් නොරීක්ෂණය කලොත් ද බබාව වෛද්‍යවරයකු වෙත යොමු කරන්න ඕනි කියලා.බබා කිරි බිව්වට පස්සෙ එක පාරක් දෙපාරක් වමනෙ කරන්න පුළුවන්.කලාතුරකින් වමනෙ කරා කියලා ඒ ගැන බය වෙන්න අවශ්‍ය නෑ.බබාගෙ ආමාංශය විවරය වැහිලා තියෙන ස්පින්ටර් එක මේ වෙද්දි ගොඩක් දුරට වර්ධනය වෙලා නෑ.ඒ නිසා බබා කිරි බිව්වට පස්සෙ කලාතුරකින් වමනෙ යන්න පුළුවන්.කිරි දියර නැතිව බබා කිරි බිව්වට පස්සෙ බබා සෑහෙන්න වතාවක් වමනෙ කරනවා නම් ඔයාලට පුළුවන් බබාව වෛද්‍යවරයකු වෙත යොමු කරන්න .
ඒ වගේම බබා අම්මගෙ තාත්තගෙ මූණ දිහා බලලා හිනා වෙන්නෙ නැත්නම් බබාගෙ ඉස්සරහ චලනය වන දෙයක් තියෙනව නම් එහෙම ඒ දිහාවට බබා ඇස් යොමු කරන්නෙ නැත්නම් ඒ දේවල් එක්ක බබාගෙ ඇස් එහාට මෙහාට ගෙනියන්නෙ නැත්නම් මේ ගැන අවධානය යොමු කරන්න වෙනවා.සමහරවිට බබාගේ පෙනීමේ දුර්වලතාවයක් නිසා මේක සිද්ධවෙන්න පුළුවන් නිසා.
විශාල ශබ්දයක් ඇසුනම ඒ දේ දිහාවට බබා මූණ හරවලා බලන්නෙ නැත්නම් ඒ දේ දිහාවට බබා අවධානය යොමු කරන්නෙ නැත්නම් ඒ ගැනත් ඔයාලට අවධානය යොමු කරන්න වෙනවා.බබාගෙ ඇසීමේ ප්‍රශ්නයක් නිසා බබාට මේ දේවල් වෙන්න පුළුවන් නිසා.
කලින් අපි කතා කරා බබාගෙ අත නැත්නම් ඇගිලි කටේ දාගන්නවා කියලා.මේ දේ ගොඩක් වැදගත් දෙයක් සමහර විට මේ දේ පවා කරන්නෙ නැත්නම් ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඔයාලා මතක තියා ගන්න.